තරුණ ගොවි සංවිධාන ශක්තිමත් කර දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් ආදර්ශ තරුණ කෘෂි ගම්මානය බැගින් පිහිටුවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
ගෑස් අනතුරුවලට ලක්වූවන්ට වන්දි ලබාදීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
වයස අවුරුදු 12 ත් 15 ත් අතර ළමුන් සදහා කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීම අද සිට ආරම්භ වනවා. මීට පෙර වයස අවුරුදු 15 ත් 19 ත් අතර ළමුන් සදහා වන එන්නත්කරණය සහ වයස අවුරුදු 12 ත් 15 ත් අතර විවිධ සංකූලතා සහිත දරුවන් සදහා එන්නත් ලබාදීම සිදු කෙරුණා.
වී අලෙවි මණ්ඩලය මෙවර මහ කන්නයේ වී කිලෝව රුපියල් 75/=ක් බැගින් මිලදී ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.
ගනුදෙණුකරුවන්ගේ ගිණුම්වල ඇති විදෙස් මුදල් වෙනත් මුදල් ඒකකවලට පරිවර්තනය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාණිජ බැංකු වෙත නියෝග කර ඇතැයි පැතිර යන කටකතාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා.
පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ අඛණ්ඩව විදුලිය සැපයීම අභියෝගයක් වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එහි සභාපති එම් එම් සී ෆර්ඩිනෑන්ඩු නෙත් නිවුස් සමග සාකච්ඡාවකට එක්වෙමින් කියාසිටියේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට කෙටි කාලයක් විදුලිය කප්පාදු කිරීමටද සිදුවිය හැකි බවයි.
නව ස්ථිර පත්වීම් ලැබූ උපාධීධාරී අභ්‍යාසලාභීන් අතුරින් ගුරු සේවය සේවයට කැමති පිරිස් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කර ඇති බවත්, සුදුසුකම් සපුරා ඇති ඉගැන්වීමට හැකි පිරිසට ඒ සඳහා අවස්ථාව ඇති බවත්, රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.
රාජ්‍ය නිලධාරීන් අනිවාර්ය විශ්‍රාම යාමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමේ චක්‍රලේඛය අද නිකුත් කෙරුණා.
පවතින ආර්ථික අර්බුදය හමුවේ දුෂ්කරතාවලට මුහුණපා සිටින අයවැය ලේඛණයෙන් අවධානය යොමු නොවුනු පාර්ශවයන්ට සහන සැලසීමට ආණ්ඩුව ක්‍රියාකර ඇති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.
මාස 16 ක් තුළ සතොස ආයතනය ලාභ ලබන තත්ත්වයට පත් කර ගැනීමට තමන්ට හැකි වූ බව වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.
Page 243 of 645