Sunday, May 19, 2024
Follow Us
නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් ඇරඹෙයි

ජනපති සහ අගමැතිගේ ප්‍රධානත්වයෙන්

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු අද උදෑසන ආරම්භ කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩකටයුතු ආරම්භ කෙරුණා.

මේ සඳහා වරාය අධිකාරිය අමෙරිකානු ඩොලර් මිලියන 510 ක ආයෝජනයක් සිදුකරනු ලබන අතර, ඉන් ඩොලර් මිලියන 300 ක ණය මුදලක් ආසියානු සංවර්ධන බැංකුව ලබා දී තිබෙනවා.

මෙහි ඉදිකිරීම් කටයුතු 2024 වසර මැද භාගය වනවිට අවසන් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

(Aruna)