Sunday, May 19, 2024
Follow Us
වාහන ආනයනයට අවසර ලැබෙන හැටි කබ්රාල් කියයි

වාහනයක් ගන්න බලන් ඉන්න අයට සුභ ආරංචියක්


රට තුළට විදේශ විනිමය ගලා ඒම ප්‍රකෘත්ති තත්ත්වයට පත්වීමෙන් අනතුරුව නැවත වාහන ආනයනය කිරීමට අවසර දීමට අවස්ථාවක් ලැබෙන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාපැවසීය.

වාහන ආනයනය කිරීම අත්හිටුවීම සම්බන්ධයෙන් අද(12) පැවති මාධ්‍ය හමුවකදී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙම අදහස් දැක්වීය.

වාහන සහ ටයිල් හැර අනෙකුත් සියලු අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ මේ වනවිට ආනයනය කෙරෙන බවත් මේ හරහා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටින් පිටවන බවත් එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා පැවසුවේය.

විශාල විදෙස් විනිමය ප්‍රමාණයක් නැවත මෙරටට ගෙනදිය හැකි සංචාරක කර්මාන්තය වැනි විෂයයන් හි යළි වර්ධනයත් සමඟ ඉදිරි මාස කිහිපය තුළ ඇතිවන ස්ථාවර බව හරහා යළි රථවාහන ආනයනය කිරීමට අවසර ලබා දීමට හැකියාවක් ලැබෙනු ඇති බවට අපේක්ෂා කරන බව මහ බැංකු අධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

(Aruna)