Monday, May 06, 2024
Follow Us
හෙටත් විදුලි කප්පාදුවක් නැහැ - විදුලිබල මණ්ඩලය කියයි

හෙට දිනයේ ද විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

ඊයේ දිනයේ ද විදුලි කප්පාදුවක් සිදු නොකරන බව එම මණ්ඩලය ප්‍රකාශ කළ ද ප්‍රදේශ කිහිපයකට ඊයේ රාත්‍රියේ විදුලි සැපයුම අත්හිටුවා තිබූ බවයි ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රන්ජන් ජයලාල් සඳහන් කළේ.

තාප විදුලි බලාගාර සඳහා ඉන්ධන තොග නොලැබුනහොත් විදුලි කප්පාදුවක් සිදුකිරීමට සිදුවන බවයි ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී එම් ආර් රණතුංග පැවසුවේ.

අවශ්‍ය ඉන්ධන තොග ලබාදීම සඳහා අදාළ පාර්ශව සමග සාකච්ඡා කළ බවත්, ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන බවත් සිය මණ්ඩලය ප්‍රකාශ කළ බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී එම් ආර් රණතුංග වැඩිදුරටත් සඳහන් කළේ.

(Neth)