Monday, May 06, 2024
Follow Us
මේ වසරේ විභාග පැවැත්වෙන දින මෙන්න

උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්වය විභාගය

මේ වසරේදී පැවැත්වීමට නියමිත උසස් පෙළ, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය සහ සාමාන්‍ය පෙළ, විභාගවල දිනයන්හි කිසිදු වෙනසක් නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල සී. පෙරේරා ප්‍රකාශ කළා.

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග 2021 වසරේ අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ අතර එය දෙවතාවක් කල් දැමුණා.

කෙසේ වෙතත් යළි සැලසුම් කර පරිදි ශිෂ්‍යත්ව විභාගය මේ මස 22 වන දාත්, උසස් පෙළ විභාගය මෙම වසරේ පෙබරවාරි මස 7 වන දා සිට ආරම්භ කිරීමටත්, අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල සී. පෙරේරා මහතා කියා සිටියා.

(Aruna)