අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 32කට උපරිමය රුපියල් 7,500 බැඟින් දීමනාවක් ලබාදෙන බව වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ පවසනවා.
සැලසුම් කළ දුම්රිය ගමන් වාර 22ක් අද දිනයේ අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඉන්ධන අර්බුදය හේතුවෙන් මතුව ඇති ප්‍රවාහන ගැටලු නිසා කාර්්‍යය මණ්ඩලයට සේවයට පැමිණීමට නොහැකි වීම හේතුවෙන් එලෙස දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට සිදුව ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ශ්‍රී ලාංකිකයින් සමග විවාහ වූ විදේශිකයින්ට මෙරටදී මෙතෙක් ලැබුණු වසරක වීසා කාලය වසර 05 දක්වා දීර්ඝ කිරීමට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා තීරණය කර තිබේ.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ගැසට් නිවේදනයක් ලෙසට ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ධම්මික පෙරේරා මහතා අමාත්‍ය ධුරයට පත්වීමට පෙරදී රජයට ඉදිරිපත් කළ යෝජනාවක් අනුව ක්‍රියාත්මක කෙරෙන “ස්වර්ණමය පාරාදීසය” වීසා වැඩසටහන ඔස්සේ මෙරටට විදේශ විනිමය ගෙන්වා ගැනීම තවමත් ප්‍රමාද වෙමින් පවතින බව වාර්තා වේ.
රට තුළ පවතින ඉන්ධන ගැටලුව හේතුවෙන් විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන ගුවන්යානාවලට යළි පිටත්වීම සඳහා අවශ්‍ය ඉන්ධන සංචිත රැගෙන එන ලෙසට අදාළ ගුවන් සමාගම් වෙත දැනුම්දී තිබෙනවා. ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි පැවසුවේ එවන් පසුබිමක් තුළද දිනකට සාමාන්‍යයෙන් ගුවන් යානා 105 ක් පමණ දිවයිනට පැමිණ, ආපසු පිටත්ව යන බවයි.
මාස 4කට අවශ්‍ය ගෑස් මෙට්ට්‍රික් ටොන් ලක්‍ෂයක් මිලදී ගැනීමට අදාළ ගිවිසුමට අද දිනයේ අත්සන් කිරීමට නියමිතව තිබෙනවා. ඒ, ලිට්‍රෝ සමාගම සහ ලෝක බැංකුව අතරයි. ලෝක බැංකුවේ සහාය මත මෙම ගෑස් තොගය දිවයිනට ලබාගැනීමටයි නියමිතව ඇත්තේ. ඊට වැය වන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 90 ක්. ඉන් ඩොලර් මිලියන 20 ක් ලිට්‍රෝ සමාගම ලබාදෙන බවයි අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ කමිටු නියෝජිත හිටපු අමාත්‍ය සාගල රත්නායක පැවසුවේ.
Page 163 of 638