රජයේ පාසල් සහ රජයේ අනුමත සියලු පෞද්ගලික පාසල් අද සිට යළි ආරම්භ වනවා. ඒ අනුව, නැවත දැනුම් දෙනතුරු සදුදා, අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පාසල් පැවැත්වීමටත් බදාදා සහ සිකුරාදා දිනවලදී සිසුන්ට නිවෙස්වල සිට ඉගෙනීමේ කටයුතුවල නිරත විය හැකි ක්‍රියාකාරකම් ලබාදීමටත් නැතහොත් මාර්ග ගතව ඉගෙනුම් ඉගැන්වීම් කටයුතු සිදු කිරීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පැවසුවේ එක් දවසක් හෝ පාසල් වසා තැබීමට තමන් විරුද්ධ වන බවයි.
එළඹෙන සතියේ සිට සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වීම සඳහා ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් සදහන් කළේ. පාසල් සිසුන්ගේ ප්‍රවාහන කටයුතු සම්බන්ධයෙන්ද තමන් විශේෂ අවධානයක් යොමු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළා.
මේ අතර දකුණු පළාතේ පාසල් අද සිට සතියේ දින පහේම පැවැත්වෙන බවයි පළාත් අධ්‍යාපන බලධාරීන් ඊයේ ප්‍රකාශ කළේ.
Neth