Wednesday, November 20, 2024
Follow Us
ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයටත් ඉන්ධන බෙදීමේදී ප්‍රමුඛතාව

ඉදිරියේ දී ඉන්ධන නිකුත් කිරීමේ දී ආහාර නිෂ්පාදනයට අවශ්‍ය වන ඉන්ධන ලබා දීමට ප්‍රමුඛත්වය ලබා දීමට පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලයට උපදෙස් දී තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසන්නේ ඒ අනුව ඉදිරියේදී ඊට අදාළ කටයුතු සිදුකරනු ඇති බවයි.

මේ අතර තේ වගාව සඳහා අවශ්‍ය යුරියා පොහොර මෙට්ට්‍රික් ටොන් 15,000ක් ලබා දීමට තීරණය කර තිබෙනවා. ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට යුරියා පොහොර මෙට්ට්‍රික් ටොන් 65,000 ක් ලැබීමට නියමිත අතර ඉන් මෙට්ට්‍රික් ටොන් 15,000ක් තේ වගාව සඳහා ලබා දීමටයි තීරණය කර ඇත්තේ.

කෘෂිකර්ම අමාත්‍යංශය මෙම තීරණය ගෙන ඇත්තේ වැවිළි කර්මාන්ත අමාත්‍යංශයේ ඉල්ලීම පරිදියි. දැනට මෙරටට ලැබී ඇති යුරියා පොහොර මෙට්ට්‍රික් ටොන් 44,000න් මේ වනවිට සියයට 60කට ආසන්න ප්‍රමාණයක් බෙදා හැරීමට කටයුතු කර තිබෙනවා.

එළවළු වගාව සඳහා අවශ්‍ය මිශ්‍ර පොහොර කඩිනමින් නිෂ්පාදනය කර ඉදිරි සති දෙක තුළ එම පොහොර වෙළෙඳපොළට සැපයීමටයි කෘෂිකර්ම අමාත්‍යංශයේ අවධානය යොමුව ඇත්තේ.

Neth