ඉකුත් ජූලි 09 වනදා සිදුවූ සිද්ධීන් හේතුවෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය හමුවේ දැඩි අපකීර්තියට පත්වූ බව ආරක්ෂක ලේකම් ජෙනරල්, කමල් ගුණරත්න පවසනවා.
ඉදිරියේදී වී සඳහා රජය ගෙවන මුදල තවත් ඉහල දමන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
තමන් යටතේම පවතින ආයතන දෙකකට එරෙහිව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ලබන මහ කන්නයේ වී වගාවට කාබනික පොහොර භාවිතා කරන ගොවීන් සඳහා පොහොර මිලදී ගැනීමට රුපියල් 20,000 බැඟින් සහනධාරයක් ලබාදීමට රජයේ අවධානය වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඒ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් කෝටි 1,600ක් බවයි අමාත්‍යවරයා පැවසුවේ.
ශ්‍රී ලංකාව තුළ තහනම් සංවිධාන ලෙස අසාධු ලේඛණගත කර තිබූ ජාත්‍යන්තර දෙමළ සංවිධාන 06 කට සහ පුද්ගලයින් 316 දෙනෙකුට පනවා තිබූ තහනම ඉවත් කර ඇත්තේ ජාතික ආරක්ෂාව පිළිබඳ විධිමත් හා ගැඹුරු අධ්‍යනයකින් පසුව බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්ණයේ කටයුතු ඉදිරි දින කිහිපයේ යලි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහනවලට සතියේ දින පහේම ආදායම් බලපත්‍ර නිකුත් කරන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ජේ. එම්. සී. ජයන්ති පවසනවා. ඉන්ධන අර්බුදය අවස්නවීම ඊට හේතුව බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් මේ මස අගදී යළි මෙරටට පැමිණෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. ඒ, ශ්‍රී ලංකා මහ බැංකුවේ මේ වන විට පැවැත්වෙන මාධ්‍ය හමුවට එක් වෙමින්. එහිදී මහ බැංකු අධිපතිවරයා පැවසුවේ රටේ ආර්ථිකයේ යම් සාධනීය ප්‍රතිපළ ද දැකගත හැකි බවයි.
Page 142 of 638