Monday, November 18, 2024
Follow Us
මෙරට ගොවීන්ට ඩොලර් මිලියන 40ක්

ගොවීන්ගේ දුක බලන්න සමන්තා කුඹුරට බහී


ගොවි ජනතාව සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් ශ්‍රී ලංකාව සඳහා අමතර අමෙරිකානු ඩොලර් මිලියන 40 ක ආධාර මුදලක් ලබාදීමට පියවර ගන්නා බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් පවසයි.

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි සමන්තා පවර් (10) පෙරවරුවේ ජා ඇල, ඒකල ප්‍රදේශයේ ගොවි ජනතාව මුණ ගැසී සාකච්ඡා පැවැත්විය.

එහිදී ඔවුන්ගේ ගැටලු විමසා බැලූ ඇය ප්‍රමුඛ සිව්දෙනෙකුගෙන් සමන්විත අමෙරිකානු දූත පිරිස පොහොර ඇතුළු කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීම වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 40 ක මුදලක් ලබාදෙන බවට ප්‍රකාශ කර ඇත.

ආර්ථික අර්බුදය හේතුවෙන් ගොවි ජනතාවට මුහුණදීමට සිදුව ඇති ගැටලු සහ ඒ සඳහා අමෙරිකාවේ සහාය ලබාදිය හැකි ආකාරය පිළිබඳව සොයා බැලීම අමෙරිකානු නියෝජිතවරියගේ මෙම සංචාරයේ එක් අරමුණක් වී තිබුණි.

Aruna