ලෝක බැංකුවෙන් ආධාරයක්
පෙර පාසල් ළමයින් සදහා මෙම මාසයේ සිට දිවා ආහාර වේලක් ලබා දීම ලෝක බැංකු අධාර යටතේ ආරම්භ කරන බව මුල් ළමාවිය සංවර්ධනය පිළිබද ජාතික ලේකම් කාර්යාලය පවසයි.
එහි අධ්යක්ෂිකා නයනා එස්.පී.කේ.ද සිල්වා කියා සිටියේ වතුකරයේ දරුවන් 35,000 ක් ඇතුලු පෝෂණ ඌණතා සහිත ප්රදේශවල පෙර පාසල් ළමයින් 155,000කට මෙලෙස දිවා ආහාර වේලක් ලබාදෙන බවය.
මේ වනවිට පෝෂණ ඌනතා සහිත පෙරපාසල් ළමයින් 90,000කට උදෑසන ආහාර වේලක් ලබා දෙන අතර එම එක් ආහාර වේලක් සදහා සැපයුම්කරුවන්ට රුපියල් 30 ක මුදලක් ලබා දෙයි.
කෙසේ වෙතත් එම මුදල ප්රමාණවත් නොවන බැවින් එය රුපියල් 60 ක් දක්වා ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇත.
ඒ සදහා වන මුදල් ලෝක බැංකු ආධාර යටතේ ලබාදෙනු ඇත.
මෙම මාසයේ සිට අදාළ උදෑසන අහාරවේල වෙනුවට එය දිවා ආහාරවේලක් ලෙස දැනට පවතින ආහාර වට්ටෝරුව ද සශෝධනය කර ලබාදීමටයි සැලසුම් කර ඇති බව මුල් ළමාවිය සංවර්ධනය පිළිබද ජාතික ලේකම් කාර්යාලයේ අධ්යක්ෂිකා නයනා එස්.පී.කේ.ද සිල්වා කියා සිටියේය.
මේ අතර ගර්භනී මව්වරුන්ට රජය මගින් ලබා දුන් රුපියල් 2,000ක පෝෂණ මල්ල යලි බෙදාදීම ආරම්භ කර තිබේ.
සති 12 සම්පූර්ණ වූ ගර්භණී මව්වරුන්ට රුපියල් 2,000 බැගින් වන පෝෂණ මල්ලක් මාස 10 ක කාලයකට ලබා දීම වසර කිහිපයක සිට සිදු කෙරුණු අතර එය පසුගිය ජුනි මාසයේ සිට නතර වී තිබුණේ ප්රතිපාදන නොලැබීමේ තත්වයක් තුළය.
Aruna