නීතිය කාටත් එකයි- විදුලි ඇමැති
ස්වාමින් වහන්සේලාට එක නීතියක් සහ ජනතාවට එක නීතියක් නොමැති බවත් මෙරට පුරවැසියන් සියලුම දෙනාම විදුලි බිල ගෙවිය යුතු බවත් විදුලි බල සහ බලශක්ති ඇමැති කංචන විජේසේකර ට්ව්ට්ර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.
පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් විසින් විදුලි බිල නොගෙවන බවට සඳහන් කරමින් විදුලි බිල නොගෙවීමේ ජාතික ව්‍යාපාරයක් ගෙන යන බවට සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් කරුණු දක්වමින් ඇමැතිවරයා මෙම පණිවුඩය නිකුත් කර ඇත. එහි සඳහන් වන්නේ විදුලි බිල නොගෙවන සැමට එකම නීතියක් පමණක් ක්‍රියාත්මක වනු ඇති බවය. උන්වහන්සේ සිදුකරන ප්‍රකාශයන් සම්පූර්ණයෙන්ම දේශපාලනික අරමුණු ඔස්සේ සිදුකරන ඒවා බව පැහැදිලි බව එහි වැඩිදුරටත් සඳහන් වේ.
Aruna