දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ අවමංග්‍ය උත්සවය සඳහා සහභාගිවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයා ලබන සතිඅන්තයේදී එක්සත් රාජධානිය බලා පිටත්ව යාමට නියමිතය.
මේ වනවිටත් ඊට අදාල කටයුතු ලන්ඩන්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ මැදිහත්වීමෙන් සිදුවෙමින් තිබේ.
ලබන 19 වැනිදා මහ රැජිනගේ අවසන් කටයුතු සිදුවන අතර රනිල් වික්‍රමසිංහ මහතා ඊට පෙර දිනයේදී එක්සත් රාජධානිය වෙත පිටත්ව යනු ඇත. දින 03 ක් එහි රැඳී සිටින ජනාධිපතිවරයා බ්‍රිතාන්‍ය රජයේ ඉහළ පෙළේ සාමාජිකයක් පිරිසක් හමුවීමටද උත්සාහ දරමින් සිටී. 20 වැනිදා වික්‍රමසිංහ මහතා පෙරළා පැමිණීමට සැළසුම් කර ඇත.
ලබන 19 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමටද රජය පියවර ගෙන තිබේ.
LNW