ඉදිරි මහ කන්නය සදහා බැංකු මගින් ගොවීන්ට වගා ණය නිකුත් කිරීමට මේ වනවිට ආරම්භ කර තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවේ ඉකුත් සිකුරාදා සිට වගා ණය නිකුත් කිරීම ආරම්භ කර ඇති බවයි.
අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් ජනතාට කඩිනමින් සහන සලසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස් ලබාදී තිබේ.
Since petroleum-related services have been declared under essential category, legal action will be taken against any employee or trade union that would be found violating the essential service regulations, Power and Energy Minister Kanchana Wijesekera said.
මෙරට මුහුදු සීමාවේදී ගිනි ගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් සිදුවූ පරිසර හානිය වෙනුවෙන් තවත් වසර 10 ක කාලයක් සඳහා වන්දි ලබාගැනීමට අවශ්‍ය බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා. එහි සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර පැවසුවේ ගින්නෙන් විනාශ වී මුහුදුබත් වූ නෞකාවේ බලපෑම හේතුවෙන් තවමත් මුහුදු ජීවීන් මියයමින් ඇති බවයි.
සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනය ඉවත දමා ආහාර සුරක්ෂිතතාව ඇති කර ජනතාවගේ ආහාර ගැටලුව විසදන වැඩපිළිවෙලකට සියලු දෙනා එක්විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ගිනි ගැනීමට ලක්වූ මෝදර මාදම්පිටිය කජීමා වත්තේ පදිංචිකරුවන් අතරින් 214 දෙනෙකුට කුමන හෝ ස්ථානයක නිවසක් ඇති බව අනාවරණ වී තිබෙනවා.
මෙරටට ගෙන්වූ ෆයිසර් එන්නත් මාත්‍රා තොගය මේ මස 31 වනදායින් කල් ඉකුත් වන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙහි සභාපති තිලක් වීරසිංහ මහතාව එම තනතුරින් ඉවත් කර ඇති බව වාර්තා වේ.
තිරිගු පිටි කිලෝවක මිල ඉකුත් දා රුපියල් 85 කින් අඩු කළද එම සහනය මේ දක්වා පාරිභෝගික ජනතාව වෙත ලැබී නොමැති බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා.
Page 117 of 638