රාජ්‍ය අංශයේ ණය 100%කට වඩා පහළට
අයවැය යෝජනා පහතින් දැක්වේ.
* 2021 වසර අවසන් වෙන විට දළ දේශීය නිෂ්පාදනයෙන් 8.3%ක් වූ රාජ්‍ය ආදායම 2025ක් වන විට 15%ක් දක්වා වැඩිකිරීම.
* 2025 වෙද්දි දළ දේශීය නිෂ්පාදනයෙන් 2%කට වැඩි ප්‍රාථමික අතිරික්තයක්.
* රාජ්‍ය අංශයේ ණය 100%කට වඩා පහළට ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.
* මැදි කාලීන ආර්ථික වර්ධනය 5%ක් දක්වා ළඟාවෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
* විදේශ විනිමය ගලා ඒම සාමාලෝචනය කළ යුතුයි.
* බස්නාහිර, වයඹ, හම්බන්තොට හා ත්‍රිකුණාමලයේ අක්කර 1000කට වැඩි නව ආර්ථික කලාප ඇති කරනවා.
* බදු සහන මත පදනම් විදෙස් ආයෝජකයින් ආකර්ශනය කරගැනීමට රු මිලියන 300ක් වෙන් කෙරේ.
* ජාතික ඵලදායි කොමිසමක් ඇති කරනවා. ඒ සඳහා රුපියල් මිලියන 100ක් වෙන්කරනවා.
* ශ්‍රී ලංකාවේ දේශීය සැපයුම් ක්‍රම වර්ධනය කරනවා.
* තායිලන්තය – ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම ගැන සාකච්ඡා ආරම්භ කෙරේ.
* සිංගප්පූරුව සමග කලාපීය වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් සාකච්ඡා කෙරේ.
* ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් ගැන සාකච්ඡා සිදුකිරීමට ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් පිහිටුවනවා.
* ශ්‍රී ලංකාවේ සැපයුම් ලෝකයේ පළමු රටවල් 70ට ගෙන යෑමට 2023 සිට 2027 දක්වා පස් අවුරුදු සැපයුම් සේවා සංවර්ධන වැඩසටහනක් හඳුන්වා දෙයි.
* යහපත් ව්‍යාපාර පරිසරයක් ඇති කිරීම සඳහා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය වෙත රු. මිලියන 200ක් වෙන් කෙරේ.
* මෙරට කම්කරු නීතිය යල්පැන ගොස්ය. එබැවින් ආර්ථිකයට හා සේවකයින් ට ගැලපෙන පරිදි නව යාවත්කාලීන කළ තනි කම්කරු නීතියක් බලාත්මක කිරීමට යෝජනා කෙරේ.
* කෘෂිකර්මයේ නවීකරණයක් සඳහා භාවිතයට නොගන්නා ඉඩම් දිගුකාලීන බදු පදනම මත අපනයන බෝග වගාකිරීමට යෝජනා කෙරේ.
* ඩිජිටල් තාක්ෂණය සඳහා අවශ්‍ය ඉදිරි දියුණුව සඳහා කේෂ්ත්‍රයේ ප්‍රවීණයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත්කෙරේ.
* ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් ඵලදායි ලෙස යොදාගැනීමට සුදුසු ප්‍රතිපත්තියක් සැලසීමට කොමිසමක් පත්කරන අතර එහි වාර්තා මාස තුනක් ඇතුළත අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතුයි.
* කුරුඳු කර්මාන්තය සඳහා නව දෙපාර්තමේන්තුවක් කරන්දෙණිය ප්‍රදේශයේ ඇති කිරීමට රු මිලියන 200ක් වෙන්කෙරේ.
* සංචාරක කර්මාන්තයේ දියුණුවට වැඩසටහන් කිහිපයක්. ඒ සඳහා රු මිලියන 50ක් වෙන්කෙරේ.
* ක්‍රීඩා ආශ්‍රිත සංචාරක කර්මාන්ත නඟා සිටුවීමේ අදහසින් “ජලය මත ලිස්සා” යෑම වැනි ක්‍රීඩා ප්‍රවර්ධනයට කටයුතු කෙරේ.
* පාසල්වලට අන්තර්ජාල පහසුකම් ලබාදීමට පාසල් 1,000ක් වෙන්කෙරේ.
* ග්‍රාමීය පාසල්වල සනීපාරක්ෂක වැඩසටහන් දියත් කිරීමට රු. මිලියන 200ක් වෙන්කෙරේ.
* දැනට කලා විෂය ධාරාවේ පමණක් ඇති කුසලතා පදනම 2023 සිට ක්‍රමානුකූලව 50%ක් දක්වා සෙසු විෂයන් සඳහා ද වැඩිකිරීමට කටයුතු කෙරේ.
* වෛද්‍යවරු සඳහා පශ්චාත් උපාධි අධ්‍යයන ආයතන පේරාදෙණිය, රුහුණ හා යාපනයේත් ආරම්භ කිරීමට රු. මිලියන 60ක් වෙන් කෙරේ.
* විශ්වවිද්‍යාල උපාධි සඳහා තත්ත්ව සහතික මණ්ඩලයක් ඇතිකිරීම.
* උසස් පෙළ සමතුන්ට හා උපාධිධාරීන්ට විදේශ ශිෂ්‍යත්ව 75ක්.
* ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට නව වෛද්‍යපීඨයක්. ඒ සඳහා රු. මිලියන 200ක් වෙන්කෙරේ.
* ශ්‍රී ලංකාවේ ඉතිහාසය හැදෑරීමට වෙන්වූ ආයතනයක් පිහිටුවීමට රු. මිලියන 50ක් වෙන්කෙරේ.
* රාජ්‍ය ආදායමෙන් වැඩි කොටසක් වැටුප් ගෙවීමට සිදුවෙනවා. එම නිසා වත්මන් අවශ්‍යතා මත රාජ්‍ය සේවයේ සියලු අංශ සාමාලෝචනය කර අවශ්‍ය ප්‍රතිසංස්කරණ ඇතුළු නිර්දේශ සිදුකිරීමට ජනපති කොමිෂන් සභාවක් යෝජනා කෙරේ.
* බදුකරණය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවක් පිහිටුවීම.
* දත්ත ආරක්ෂණ අධිකාරියක් පිහිටුවීම.
* පෞද්ගලික අංශයේ සේවකයින්ට රක්ෂණාවරණයක් ලබා දීම.
Aruna