Friday, November 15, 2024
Follow Us
ආනයනික එළවළු බීජ මිල වැඩි වීමට හේතු කෘෂිකර්ම ඇමති පහදයි

ආනයනික එළවලු බීජවල මිල ගණන් ඉහළ ගියද ඊට සාපේක්ෂව දේශීය එළවළු බීජ මිල ගණන් ඉහළ ගොස් නොමැති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

කෙසේවෙතත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ දේශීය එළවළු බීජ මිල ගණන් ඉහළ ගොස් ඇති බවයි.

එළවළු බීජ ගෙන්වන රටවල මිල ගණන් ඉහළ යාම සහ තවත් හේතු කිහිපයක් හේතුවෙන් ආනයනික එළවළු බීජවල මිල ගණන් ඉහළ යාමට බලපා ඇති බවයි නෙත් නිවුස් කළ විමසීමකදී අමාත්‍යවරයා පැවසුවේ. ගොවීන්ට අවශ්‍ය බීජ වර්ග මෙරටදීම නිෂ්පාදනය කිරීම සිය අමාත්‍යාංශයේ අරමුණ බවත් මේ වන විටත් මිරිස් සහ බීලූණු බීජ සැලකිය යුතු ප්‍රමාණයක් නිෂ්පාදනය කරන බවත් මෙහිදී ප්‍රකාශ කෙරුණා.

එලෙස මෙරටදී නිෂ්පාදනය කරන බීජ ගොවීන් වෙත ලබාදෙන්නේ ප්‍රමිතිය පරීක්ෂා කිරීමෙන් පසුව බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් පැවසුවේ.

Neth