Friday, November 15, 2024
Follow Us
ධනිෂ්කගේ නඩුවට සල්ලි තියෙනවා! – ශ්‍රී ලංකා ක්‍රිකට්

පළ වූ වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප ලේකම් කියයි


ස්ත්‍රී දූෂණ චෝදනාවකට බන්ධනාගාරගතව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලකගේ නඩුව සඳහා වියදම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතුව මූල්‍ය ප්‍රතිපාදන නොමැති බව පළ වූ මාධ්‍ය වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත පවසනවා.

(14) කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ බව පැවසූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත කියා සිටියේ, “මම අඟහරුවාදාම ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක මණ්ඩලයේ අනුමැතිය අරන් තියෙනවා අවශ්‍ය ප්‍රතිපාදන ලබලා දෙන්න. ඒ ළමයා බේර ගත්තට පස්සේ එයාගේ පෞද්ගලික වියහියදම් පියවා ගන්නට තියෙනවා නම් අපිට එතුමාගෙන් එක පියවා ගන්න පුළුවන්. ඒ ළමයින්ගේ සල්ලි අපි ගාව තියෙනවා. කොන්ත්‍රාත් ගිවිසුම් සල්ලි. මැච් මනි. ඒවා ඔක්කොම අපි ගාව තියෙනවා. මේ සේරම හරි ලස්සනට අපිට පියවා ගන්න පුළුවන්. මේ පච ප්‍රචාර නැවැත්තුවොත් මේක හරි පහසු වෙනවා. හිටපු නායකතුමා එදා මීටිමේදී කිව්වා ලංකා කණ්ඩායම පාටි 16කට ගිහින් තියෙනවා කියලා. ක්‍රිකට් බෝඩ් එකෙන් කරේ එකයි. මැනේජරුත් ඇවිත් කියලා තියෙනවා එකයි කියලා. නෑ නෑ අපිට ආරංචිලු. කොහෙන්ද එතුමාට ආරංචි ඇවිත් තියෙන්නේ? දෙවැනි පාටිය පෙන්වන්න. හෙට මම යන්නන් අමාත්‍යාංශයට. අපිත් එක්ක තියෙන ඉරිසියාවට ක්‍රිඩකයින්ට ගහන්න එපා. ඒගොල්ලන්ට අපි නිදහසක් දීලා තියෙනවා. නිදහස හරි විදියට භුක්ති වීදිම ක්‍රීඩකයින්ගේ යුතුකමක්. එකට තමයි වෘත්තිමයභාවය කියන්නේ. එහෙම නොවෙන මිනිහට වැඩිදුරක් යන්නත් බෑ.” යනුවෙන්.

මේ අතර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලකගේ දෙවැනි ඇප ඉල්ලුම් පත්‍රය අද නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කර තිබෙනවා.

ඒ අනුව, මෙම ඇප ඉල්ලීම සලකා බැලීම දෙසැම්බර් මස 8 වන දින සිදු කිරීමට නියමිතයි.

Aruna