මෙම වසරේ 03 වන පාසල් වාරය අදින් ආරම්භ වනවා. ඒ අනුව අදින් ආරම්භ වන 03 වන පාසල් වාරය එළඹෙන මාර්තු මස 24 වනදායින් අවසන් කෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කළේ.
◾ශ්‍රී ලංකාව ආසියාවේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානය බවට පත් කළ හැකියි.
◾විදෙස් සිසුන්ගෙන් වසරකට ඩොලර් බිලියන 10ක් උපයන්න පුළුවන්.
◾අපේ සිසුන් උසස් අධ්‍යාපනයට රට යන කොට ඩොලර් බිලියන 3ක් එළියට යනවා.
◾රැකියා වෙළෙඳපොළට ගැළපෙන පරිදි පාඨමාලා වෙනස් විය යුතුයි.
ජනපති
විදෙස් ගමන් බලපත්‍ර ලබා ගන්නා පුද්ගලයන්ට ලබන වසරේ සිට ඔන්ලයින් ක්‍රමය ඔස්සේ ගමන් බලපත්‍ර අයදුම්පත්‍රය ලබාගැනීමට අවස්ථාව සලසන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා. එහි තොරතුරු තාක්‍ෂණය පිළිබද පාලක චම්පක රාමවික්‍රම ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.
විදුලිය, ඛනිජ තෙල්, සෞඛ්‍ය සේවා අත්‍යාවශ්‍ය සේවා බවට පත් කරමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගය පරිදි ජනපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
ණය බිල්පත් සදහා ගෙවීමට ඇති මුදල සියයට 42 ක් දක්වා අඩු කර ගැනීමට හැකි වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. භාණ්ඩාගාරයට ඉදිරිපත්ව තිබූ ණය බිල් සදහා පසුගිය අගෝස්තු මස 31 වනදා වන විට රුපියල් බිලියන 359ක් ගෙවීමට තිබූ බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදි කියා සිටියේ.
වයස අවුරුදු 60න් විශ්‍රාම යෑමට තීරණය වීමත් සමග සමස්ත රාජ්‍ය සේවයේම විසිපන් දහසක් පමණ පිරිසක් මේ මස අවසානයේ දී විශ්‍රාම යෑමට නියමිතව ඇතැයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන ලේකම් ප්‍රියන්ත මායාදුන්න මහතා පවසයි .
සියලු පුරවැසියන් සහයෝගයෙන් ජීවත් වන එක්සත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට සියලු භේද පසෙක ලා 75 වන නිදහස් සංවත්සරය වෙනුවෙන් සියලුදෙනා එක්විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඉහළ පොලී අනුපාත අඩුකරන කාලයක් මේ දක්වා ප්‍රකාශයට පත්කර නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා. ඒ, නෙත් නිවුස් සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.
මහ කන්නය සඳහා අවශ්‍ය බණ්ඩි පොහොර හෙවත් එම් ඕ පී පොහොර වී ගොවීන් වෙත බෙදාහැරීමේ කටයුතු අද දිනයේ ආරම්භ කෙරෙන බව කමර්ෂල් පොහොර සමාගම පවසනවා.
තාවකාලිකව අත්හිටුවා තිබූ වී මෝල් හිමියන් ලියාපදිංචි කිරීමේ වැඩසටහන ආරම්භ කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබේ.
Page 107 of 647