Saturday, February 14, 2026
Follow Us
 පාසල් 26ක් හදිසියේම වසා දමයි

අයහපත් කාලගුණයෙන් නිවාස කිහිපයකට ද හානි


අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඌව පළාතේ පාසල් 26ක් අද (08) වසා තැබීමට පළාත් අධ්‍යාපන කාර්යාලය කටයුතු කර තිබේ.

එහි ප්‍රධානියෙකු සදහන් කළේ එම පළාතට ඊයේ ඇති වූ සුළං සහ වැසි තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

ඊයේ ඇති වූ එම තත්ත්වය හේතුවෙන් නිවාස සහ ප්‍රදේශයේ මාර්ග වලට ගස් කඩා වැටී තිබේ.

ඒ අනුව පස්සර අධ්‍යාපන කලාපයේ සිංහල සහ දෙමළ පාසල් 20 ක් බිබිල කලාපයේ පාසල් 3 ක් සහ මොනරාගල කලාපයේ පාසල් 3 ක් මෙලෙස වසා ඇත.

Aruna