ලබන වසරේ සිට නව බදු පැනවෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ රටේ බදු ආදායම පහළ අගයක පවතින බැවින් මෙලෙස බදු පැනවීමට සිදුවන බවයි.
බදු පැනවීමකින් තොරව රටේ ආර්ථීකය ගොඩනැගීමට මේ මොහොතේ නොහැකි බවයි රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ. එබැවින් ලබන වසරේ ද ජනතාවට අභියෝගාත්මක වසරක් වනු ඇති බව ඔහු කියා සිටියා.
2023 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පෙරේදා සම්මත වූ අතර ඊයේ දිනයේ ද බදු පනත් කිහිපයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.
Neth