ශ්වසන රෝග සහ වෛරස් රෝග පැතීරීමේ අවධානමක්
පාසල් අද සිට විවෘත කළ ද පවතින කාලගුණික වෙනස්කම් හේතුවෙන් පාසල් දරුවන් තවදුරටත් මුඛ ආවරණය පැළදීම යෝග්‍ය බව සෞඛ්‍ය අංශ පවසයි.
ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පැවසුවේ, මේ දිනවල ශ්වසන රෝග සහ වෛරස් රෝග පැතීරීමේ අවධානමක් පවතින බැවින් පාසල් දරුවන් තවදුරටත් මුඛ ආවරණ පැළදීම හිතකර බවයි.
"මේ දිනවල පවතින සීතල තත්ත්වයත්, දූවිලි තත්ත්වයත් දෙකම නිසා ළමයින්ට වෛරස් උණ රෝග පැතිරීමේ අවධානම තියෙනවා. ඒ නිසා තව දින කිහිපයක් හෝ සති කිහිපයක් හෝ මේ සීතල තියෙන කල් ළමුන්ට මුව ආවරණ දාගෙන පාසල් යන්න පුළුවන් නම් හොඳයි. මොකද ඉන්ෆ්ලුවෙන්සා වැනි රෝග මේ දිනවල බහුලයි. ඒ නිසා පාසල්වල, ඩේකෙයාර්වල පහසුවෙන් ව්‍යාප්ත වෙන්න පුළුවන්. ළමුන්ට කැස්ස, හෙම්බිරිසාව තියෙනවා නම් ගෙදර තියා ගන්න. පාසල් යන ළමුන් පුළුවන් නම් මුව ආවරණ භාවිත කිරීම වඩාත් හොඳයි."
Aruna