තවදුරටත් මෙරටට සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බැවින් සහල් ආනයනය කිරීම අත්හිටුවන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඊයේ පාර්ලිමේන්තුවේ දී ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවකදීය.
පසුගිය යල කන්නයේ දී ඉහළ වී අස්වැන්නක් ලැබීමත්, මෙවර මහ කන්නයේ දී වගා කිරීමට ඉලක්ක කරන ලද ඉඩම් හෙක්ටෙයාර් ලක්ෂ 08න්, හෙක්ටෙයාර් හය ලක්ෂ 75,600ක් පමණ වගා කිරීමට ගොවි ජනතාව මේවනවිටත් කටයුතු කර ඇති බැවින් 2023 වසරේ දී රටට සහල් හිඟයක් ඇතිවීමට කිසිදු ඉඩක් නොමැති බව ද අමාත්‍යවරයා, ජනාධිපතවරයා වෙත ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව මෙරටට සහල් ආනයනය කිරීම අත්හිටුවන ලෙස දන්වා ගැසට් පත්‍රයක් නිකුත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර් සමරතුංග වෙත උපදෙස් ලබාදී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළා.
2021 වසරේ මහ කන්නය වී වගාව අසාර්ථක වීම නිසා මෙරට සහල් හිඟයක් ඇතිවෙතැයි අනාවැකි පළ වූ බැවින් දිගින් දිගටම මෙරටට සහල් ආනයනය කිරීමට පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය පියවර ගත්තා. ඒ අනුව මෙම වසරේ සැප්තැම්බර් මාසය අවසන් වනවිට මෙරටට ආනයනය කරන ලද සහල් ප්‍රමාණය මෙටි්රක් ටොන් හයලක්ෂ 75,288කි. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 73,627 ක් වනවා.
වී අලෙවි මණ්ඩලය මගින් වී මිල දී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් රුපියල් මිලියන 2, 000ක මුදලක් අනුමත කළ ද රාජ්‍ය බැංකු හරහා එම මුදල් ලබා ලබා ගැනීමට නොහැකි වූ බවයි කාෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ. එබැවින් වී අලෙවි මණ්ඩලය සතු මුදල් වලින් රුපියල් මිලියන 850ක් වැය කර පසුගිය යල කන්නයේ වී අස්වැන්නෙන් මෙටි්රක් ටොන් 7,072 ක් මිල දී ගැනීමට කටයුතු කර තිබුණා.
කෙසේවෙතත් යල කන්නයේ ගොවීන්ට යුරියා පොහොර ලබා දීම නිසා අපේක්ෂිත ඉලක්කයට වඩා අස්වැන්නක් ඇතැම් ප්‍රදේශවලින් ලබා ගැනීමට හැකිව තිබෙනවා. මේ වනවිටත් ඇතැම් ප්‍රදේශවල ගොවි ජනතාව සතුව කන්න තුනක වී අස්වැන්න ඇති බව ද වාර්තා වන බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ. එබැවින් තවදුරටත් සහල් ආනයනය කිරීම මගින් ගොවි ජනතාවගේ වී අස්වැන්න අලෙවි කර ගත නොහැකි තත්ත්වයක් උද්ගත වනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ.
Neth