රටවල් 14ක් සඳහා නව විදේශ තානාපතිවරු හා මහ කොමසාරිස්වරු පත් කෙරෙති.
එම නාමලේඛනය පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ නිර්දේශයෙන් පසුව මූලික අනුමැතිය සඳහා අදාළ රටවලට ඉදිරිපත් කෙරෙන බව විදේශ අමාත්‍යංශය පවසයි.
අලුතින් පත්කෙරෙන තානාපතිවරුන් මෙසේය. අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ඉන්දුනීසියාවට, චිත්‍රාංගනී වාගීෂ්වර මහත්මිය ඔස්ට්‍රේලියාවට, එම්.එච්.එම්. නිමල් බණ්ඩාර මහතා ඊශ්‍රාලයට, ආචාර්ය චානක තල්පහේවා මහතා පිලිපීනයට, ආචාර්ය ඒ.එස්.යූ. මෙන්ඩිස් මහතා වියට්නාමයට, බී. කන්දීපන් මහතා කුවේටයට, එච්.එම්.ජී.ආර්. මෙන්ඩිස් මහතා බහරේනයට, වරුණි මුතුකුමාරණ මහත්මිය ජර්මනියට, කපිල ජයවීර මහතා ලෙබනනයට, කේ.කේ.ටී. කුමාරසිරි මහතා ඉතියෝපියාවට, හිමාලි අරුණතිලක මහත්මිය ජිනීවා නගරයට, ප්‍රියංගිකා විජේගුණසේකර මහත්මිය ජෝර්දානයට, උදය ඉන්ද්‍රරත්න මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට, මනීෂා ගුණසේකර මහත්මිය ප්‍රංශයට ලෙස මෙම පත්වීම් පිරිනමා ඇත.
Mirror