ඉදිරියේදී ගෙන ඒමට නියමිත තේරවාදී භික්ෂු කථිකාවත් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතට විශ්වවිද්‍යාල ශිෂ්‍ය භික්ෂූන්ගේ හැසිරීම සම්බන්ධයෙන් ද කරුණු ඇතුලත් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 29 පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා හා පරිසර අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පරිසර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී එය සිදු කෙරුණි.
කිරිපිටි ආනයනය සීමා කර නොමැති බවත්, එබැවින් වෙළඳපොලේ කිරිපිටි හිඟයක් ඇතිවීමේ අවධානමක් නොමැති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 6වන දිනය අදයි. සෞඛ්‍ය අමාත්‍යාංශය, බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යන අමාත්‍යංශවලට අයත් වැය ශීර්ෂයන් අද විවාදයට ගැනීමට නියමිතයි.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉකුත් ජුනි 30 වැනිදා වන විට රුපියල් බිලියන 2.4ක (රුපියල් 2,488,003,615) වටිනාකමින් යුත් අගරු චෙක්පත් 4831ක් තිබී ඇතැයිද ඒ අතුරින් චෙක්පත් 3817ක්ම අවුරුදු 3කට වඩා පැරණි ඒවා බවද කෝප් කමිටුවේදී පසුගියදා අනාවරණය වී ඇත. වසර තුනක් පැරණි එම අගරු චෙක්පත්වල වටිනාකම රුපියල් 1,429,356,750ක් බවද හෙළි වී තිබේ.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා රුපියල් කෝටි දහසක මුදලක් හෙවත් බිලියන 10කට අධික මුදලක් වැයකිරීම සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා වෙත තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ.
ශ්‍රී ලංකා යුධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්න වීරසූරිය පත්කර තිබෙනවා.
Page 104 of 642