Saturday, February 14, 2026
Follow Us
විශ්වවිද්‍යාල සිසුන්ට දැනුම්දීමක්

2021 අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිට විශ්වවිද්‍යාල සඳහා තේරී පත්වූ සිසුන්ට විශේෂ දැනුම්දීමක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් සිදුකර තිබේ.

එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසා සිටියේ, අදාළ සිසුන්ට ඔවුන් තෝරාගත් අධ්‍යයන පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය සඳහා ලියාපදිංචි වීමට හෙට දිනයේ දී හැකියාව ලැබෙන බවය.

 

එයට අදාළ කෙටි පණිවුඩය හා විද්‍යුත් තැපෑල හෙට ලබාදෙන බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Aruna