එළඹෙන වසරේ ගෝලීය ආහාර අර්බුදයකට මුහුණදීමට සිදුවන බවට ලෝක ආහාර වැඩසහන සඳහන් කළ ද ඊට මුහුණදීමට ශ්‍රී ලංකාව සූදානම් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
2023 වසර සඳහා මෙරට සහල් අවශ්‍යතාව රට තුළම නිෂ්පාදනය කර ගැනීමට ද හැකියාව පවතින බවයි අමාත්‍ය මහින්ද අමරවීර නෙත් නිවුස් වෙත සඳහන් කළේ.
මෙම වසරේ ආහාර අර්බුදයක් ඇතිවන බවට ද මීට පෙර අනාවැකි පළ වුණා. ඒ සම්බන්ධයෙන් ද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා.
පැවැති තත්ත්වය අනුව මෙම වසරේ සහල් කිලෝවක මිල රුපියල් 300 ක් දක්වා ඉහළ යාමට නියමිතව තිබුණද, මෙරට ගොවීන් වැඩි වශයෙන් වී වගාවට යොමුවීම හේතුවෙන් එම තත්ත්වය පාලනය වූ බවද කෘෂිකර්ම අමාත්‍යවරයා සදහන් කළා.
පවතින තත්ත්වය යටතේ ලබන වසර තුළ සහල් මිල පාලනය නිශ්චිත පරිදි සිදුකළ හැකි බවයි මෙහිදි වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.
Neth