Friday, November 08, 2024
Follow Us
විභාග රාජකාරි දීමනා 60% ඉහළට

උසස්පෙළ, සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්ව යන විභාග ඇගයීම් සහ රාජකාරි දීමනා සියයට හැටකින් ඉහළ නැංවීමේ යෝජනාවක් විභාග දෙපාර්තමේන්තුව විසින් අධ්‍යාපන අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇත.

පවතින අර්බුදකාරී ආර්ථික වාතාවරණ මත මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙන අතර එම යෝජනාව මේ වන විට වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවට ද යොමු කර තිබේ. මේ සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කිරීම සඳහා අමාත්‍යාංශය මෙන්ම එම කොමිෂන් සභාවද වෙන වෙනම කමිටු පත් කර ඇත.

 

විභාග දීමනා වැඩි කිරීමේ ඉල්ලීම ගුරු හා විදුල්පති වෘත්තිය සංගම් විසින් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ මීට කලකට පෙරය. එහෙත් ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු නොවූ අතර මෙවර ඒ සඳහා අවධානය යොමු කර ඇත්තේ දීමනා වැඩි නොකිරීම නිසා විභාග ඇගයීම් සහ රාජකාරි සඳහා ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ යොමු වීම අඩු වීමේ ප්‍රවණතාවක් ඇති වී තිබෙන නිසා බව දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.

 

ඒ අනුව ලබන වසරේ සිට සියයට හැටකින් නොවූවත් යම් ප්‍රමාණයකින් අනිවාර්යෙන්ම දීමනා ඉහළ දැමෙනු ඇති බවත් එම ආරංචිමාර්ග

Aruna