Wednesday, May 06, 2026
Follow Us
State

ඉදිරි යල කන්නයේ දී සියලුම ගොවීන්ට වගා කටයුතු සඳහා සහනාධාර මුදලක් වවුචරයක් වශයෙන් හෝ ගොවි ගිණුම්වලට මුදලක් වශයෙන් බැර කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

State

දකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත නුදුරේදීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී සම්මත කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

State

අතීත වැරදි යළි සිදු නොවන ලෙස නීති රීති සහ පසුබිම සකසමින් රට ගොඩනඟනවා.
ශ්‍රී ලංකා මාතාව ආර්ථික වැල් පාලමෙන් එගොඩ කිරීමට තමා ක්‍රියා කළ බව අද ජාත්‍යන්තරය පිළිගෙන තිබෙනවා

 වර්තමාන වෙහෙසීමේ හා කැපවීමේ ප්‍රතිඵල නුදුරේදීම ලැබේවි
 දුෂ්කරතා ඉවසමින්, සන්සුන්ව කටයුතු කළ ජනතාවට මගේ ප්‍රණාමය පුද කරනවා.
ජනපති පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පවසයි

State
  • සෑම ක්රීඩා ඉසව්වක්ම නියෝජනය වන පරිදි දක්ෂතම ක්රීඩක ක්රීඩිකාවන් 100 දෙනෙකු බැගින් තෝරා ඔවුන්ට අවශ්ය පහසුකම් සහ පුහුණුව ලබාදීමට පියවර.
  • දියගම, මහින්ද රාජපක්ෂ ක්රීඩා සංකීර්ණය ක්රීඩා විශ්වවිද්යාලයක් ලෙස සංවර්ධනයට ජනපතිගේ අවධානය.
  • පාසල් 100ක බේස් බෝල් ක්රීඩාව මේ වසර තුළදී ප්රචලිත කිරීමට සැලසුම්.
මෙරට ක්රීඩා ක්ෂේත්රයේ ප්රගමනය සහ එහි ඉදිරි සැලසුම් පිළිබඳ සොයා බැලීමට විශේෂඥ කමිටුවක් පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ක්රීඩා අමාත්යවරයා ප්රමුඛ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
State

2022 වර්ෂයේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල (සිංහල හා දෙමළ) තෙවන වාරය 2023 මාර්තු මස 24 සිකුරාදායින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

State

මෙරටට ලැබුණු මඩ පොහොර (TSP) යල කන්නයේ වී වගා කටයුතු ආරම්භයට පෙර අප්‍රේල් මස 10 වනවිට සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත බෙදා අවසන් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

State
 
 
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසුරුවා හැරීමට රජයේ කිසිඳු සූදානමක් නොමැති බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානි සාගල රත්නායක මහතා පැවසීය.
State

මෙරට පාසල් සිසු දරුවන් විවිධ කණ්ඩායම්වල ප්‍රාණ ඇපකරුවන් බවට පත් කර ගැනීමට කිසිසේත් ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

State

ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 120ක විදුලි ධාරිතාවක් එක් කරමින් දිස්ත්‍රික්ක කිහිපයක පුරන් ඉඩම්වලට ජලය සපයන උමාඔය ජල විදුලි ව්‍යාපෘතියේ ප්‍රගතිය පසුගියදා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නිරීක්ෂණයට ලක් කෙරිණී.

State

මෙරටට පැමිණි ඉන්දියානු ඛනිජතෙල් හා ස්වභාවික වායු ආමාත්‍යංශයේ ලේකම් , පන්කජ් ජේයින් ප්‍රමුඛ ඉන්දීය දූත පිරිස සමග විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථාවන් පිළිබද ඊයේ (24) බලශක්ති අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක් පැවැත්විණි.

State

ශ්‍රී ලාංකික හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිෂ්පාදන සඳහා විදේශීය වෙ‍ළෙඳපොළ අවස්ථා ලබාදීමේ අරමුණ ඇතිව ජාතික ශිල්ප සභාව විසින් සංවිධානය කරන ලද “Crafting Ceylon” අපනයන අභිමුඛ නිර්මාණ සංවර්ධන වැඩසටහනේ සමාරම්භක අවස්ථාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි.

State

රට මුහුණ දී ඇති දුෂ්කර තත්ත්වයෙන් ගොඩඒමේ දී මූල්‍ය පාලනය, දූෂණ විරෝධි බව හා නීතියේ ආධිපත්‍ය යන කරුණු කෙරෙහි රාජ්‍ය නිලධාරීන්ගේ වගවීම ඉතා වැදගත් බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පෙන්වා දුන්නේය.

State

අන්තර්ජාතික සහයෝගීතාව පිළිබඳ එක්සත් ජනපද  නියෝජිතායතනය හෙවත් USAID මගින් මෙවර යල කන්නයේ දී දිස්ත්‍රික්ක හයක ගොවි පවුල් 48,000ක් සඳහා සහන දීමනාවක් ලබා දීමට තීරණය කර තිබේ.

State

වත්මන් ආර්ථික අර්බුදයට හේතුවූ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් රජයේ විගණකාධිපතිවරයා විසින් සිදු කළ විමර්ශනයේ වාර්තාව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබේ.

State

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් විස්තීරණ ණය පහසුකම අනුමත කිරීමත් සමඟ ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ශක්තියක් තිබෙන රටක් ලෙස ජාත්‍යන්තර සහතිකය ලැබී ඇති බැවින් තවදුරටත් ශ්‍රී ලංකාව බංකොලොත් රටක් නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

State

අන්තර් ජාතික සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය USAID විසින් මෙරටට පරිත්‍යාග කරන ලද TSP හෙවත් මඩ පොහොර මෙට්‍රික් ටොන් 36,000න් මේ වනවිට දින 04ක් තුළ මෙට්‍රික් ටොන් 27,000ක් දිවයිනේ සියලුම ගොවිජන මධ්‍යස්ථාන වෙත බෙදා හැර අවසන් කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

State

2022 - 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පරික්ෂණයේ ප්‍රතිඵල මත 2023- 6 ශ්‍රේණි සඳහා පාසල්වලට තීරණය වූ කඩඉම් ලකුණු නිකුත් කෙරේ

State

පන්ති කාමරය තුළ නිසි අවධානයක් ඇති ව වඩාත් ප්‍රශස්ත අයුරින් අධ්‍යාපන කටයුතුවල නියැලීමට පාසල් දරුවන්ට අවකාශ සැලසීමේ අරමුණින් රජය ක්‍රියාත්මක කරන පාසල් පෝෂණ වැඩසටහනේ ප්‍රතිලාභ පාසල් දරුවන් වැඩි ප්‍රමාණයකට ලබා දීම සඳහා ඇමරිකානු රජය අනුග්‍රහය දක්වා ඇති අතර එම පාසල් දිවා ආහාර වැඩසටහනේ ප්‍රගතිය සොයා බැලීම සඳහා ඇමරිකානු තානාපති ජූලි චංන්ග් (Julie Chung) මහත්මිය ඇඹිලිපිටියේ ගල්වංගුව ගුරුආරගම විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකට අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සමග එක් වූවා ය.