පසුගිය උසස්පෙළ විභාගයේ විෂයන් 12කට අදාළ ඇගයීම් කටයුතු ආරම්භ කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.
විභාග කොමසාරි ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ඉතිරි ඇගයීම් කටයුතු ද සම්පූර්ණ කිරීමට පියවර ගන්නා බවයි.
වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවලින් ඉවත් වී උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා සහභාගී වීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනය ගත් තීරණය සම්බන්ධයෙන් ස්තූතිය පළ කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සිදු කිරීමෙන් පසු කඩිනමින් ප්‍රතිඵල නිකුත් කිරීමට අවශ්‍ය දායකත්වය ලබාදෙන ලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ඉල්ලා සිටින බව විභාග කොමසාරිස් ජනරාල් සඳහන් කර තිබේ.
එමෙන්ම මෙම ඇගයීම් කටයුතු සඳහා ප්‍රමුඛතාවය ලබා දෙමින් එය සාර්ථක කර ගැනීම සඳහා සහය වන ලෙසයි විභාග කොමසාරිස් ජනරාල්වරයා ඇගයීම් කටයුතු සඳහා සහභාගී වන ගුරුවරුන්ගෙන් ද ඉල්ලා ඇත.