Wednesday, November 06, 2024
Follow Us
ත්‍රීරෝද රථ විදුලි බලයට පරිවර්තනය කිරීමේ නියමු ව්‍යාපෘතිය දියත් කෙරේ

ත්‍රීරෝද රථ විදුලි බලයට පරිවර්තනය කිරීමේ නියමු ව්‍යාපෘතිය දියත් කිරීමේ වැඩසටහන ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී ඊයේ (11) දියත් කෙරිණි.

පරිසර හිතකාමී තිරසාර ප්‍රවාහන මාධ්‍යයන් වෙත ශ්‍රී ලංකාව යොමු කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන, ප්‍රවාහන අමාත්‍යංශය, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ජාතික ගමනාගමන කොමිෂන් සභාව ඇතුළු ආයතන එක්ව මෙරටට විදුලි බලය භාවිතා කෙරෙන ප්‍රවාහන මාධ්‍යයන් හඳුන්වාදීම සඳහා ආරම්භ කර ඇති ව්‍යාපෘති යටතේ මෙය  ක්‍රියාත්මක කෙරේ.

ජනතාවට ආර්ථික අර්බුදයේ බලපෑම අවම කිරීම, පරිසර දූෂණය අවම කර තිරසර සංවර්ධන ව්‍යාපෘති සඳහා පහසුකම් සැලසීම, ප්‍රවාහන මාධ්‍යයන් වැඩිදියුණු කිරීම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ අත්‍යවශ්‍ය සේවා නගා සිටුවීම පෙට්‍රල් ත්‍රිරෝද රථ විදුලි ත්‍රිරෝද බවට පත්කිරීම පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු වේ.

වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය යටතේ පෙට්‍රල් ත්‍රිරෝද 200ක්‌ විදුලි ත්‍රීරෝද රථ බවට පරිවර්තනය කෙරන අතර බස්නාහිර පළාත තුළ මාකුඹුර සහ පිටකොටුව යන කලාප දෙකෙන් ත්‍රීරෝද රථ 100 බැගින් ඒ සඳහා තෝරාගනු ලැබේ.