යල කන්නය සඳහා මඩපොහොර හෙවත් TSP පොහොර ගොවීන් වෙත නොමිලයේ බෙදාහැරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීමට ලෝක බැංකුව මගින් ලබා දී ඇති ජ්‍යෙෂ්ඨ බලශක්ති උපදේශකවරුන් සහවිදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර සාකච්ඡාවක් අද (03) පැවැත්විණි.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඊයේ (අප්‍රේල් 05) කොළඹ වරායේ දී SLINEX-23 ඒකාබද්ධ නාවික අභ්‍යාසයට සහභාගී වන ඉන්දීය නාවික නෞකා නිරික්‍ෂණ චාරිකාවක නිරත විය.
රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සදහා නව ලේකම්වරයෙකු පත් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.
2023 යල කන්නයේ වී වගාව සඳහා පොහොර සහනාධාරය ලබා දීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
ජාතික පාසල්වල 2 සිට 4 හා 7 සිට 10 යන අතරමැදි ශ්‍රේණිවල පන්ති සඳහා ළමුන් ඇතුළත් කිරීමේ දී අදාළ චක්‍රලේඛන අනුව කටයුතු කිරීම සම්බන්ධයෙන් 2023. 04. 21 දිනෙන් පසු ව ජාතික පාසල් දැනුම්වත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
විෂය සිද්ධාන්ත හා මූලධර්ම සරල ක්‍රියාකාරකම් මගින් දරුවන්ට ප්‍රායෝගික ව වටහා ගැනීමට අවස්ථාව සැලසීමේ මූලික අරමුණ ඇති ව විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, ගණිතය හා මුසු වූ කලා විෂයන් සහිත නව STEM අධ්‍යාපන ක්‍රමය ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
දැනට පවතින සංකීර්ණ කම්කරු නීති වෙනුවට ඉදිරිපත් කරනු ලබන සංයුක්ත කම්කරු නීති පද්ධතියේ පළමු කෙටුම්පත මැයි මාසය වන විට සකස් කර අවසන් කිරීමට අපේක්ෂා කරන බවත්, ඒ සඳහා සිය අදහස් ඉදිරිපත් කිරීමේ අවස්ථාව වෘත්තීය සමිතිවලට, ව්‍යවසායකයින්ට, ස්වාධීන මත දරන ඕනෑම අයෙක්ට විවෘත කර ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.
දශක හය හතක් තිස්සේ කිසිදු ප්‍රතිසංස්කරණයකට ලක් නොකරන ලද දිවයිනේ දිස්ත්‍රික්ක 11ක තිබෙන වැව් 497ක් ප්‍රතිසංස්කරණය කිරීම පසුගියදා (31) ආරම්භ විය .
මැල්සිරිපුර රඹේ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සේවය කළ සංවර්ධන නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ඊයේ (30) පියවර ගත්තේය.
-“IMF සහ ඉන් ඔබ්බට”සාකච්ඡා මණ්ඩපයේ ප්‍රධාන දේශනය සිදු කරමින් ජනපති පවසයි
ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙය බවත්, එකිනෙකාට දෝෂාරෝපණය කරමින් නොසිට මතු පරපුර වෙනුවෙන් සමෘද්ධිමත් රටක් ගොඩනැඟීමට සියලුදෙනා එක්විය යුතු බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අවධාරණය කළේය.
2023 වර්ෂය සඳහා වෙන් කර ඇති මූල්‍ය ප්‍රතිපාදන සීමාව ඇතුළත කළමනා කරණය කර ගැනීමට යටත් ව සබරගමුව, උතුරු මැද, වයඹ, බස්නාහිර, දකුණ හා උතුරු පළාත් සභාවන්හි පවතින ගුරු පුරප්පාඩු සඳහා අධ්‍යාපන වේදී උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා අනුමැතිය ලබා දී ඇතී බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
"ගුවන් හමුදා හෙරළි පෙරළි" නමින් දියත් කෙරෙන රට පුරා කොස් පැල මිලියන තුනක් සිටුවීමේ වැඩසටහනේ පළමු අදියර, ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ දී ඊයේ (01) ආරම්භ කෙරිණි .
ඩිජිටල්කරණය වූ නවීන ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට තමන් ප්‍රමුඛ රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය.
Page 85 of 644