Tuesday, August 26, 2025
Follow Us
මඟ නැඟුම සියලු සමාගම් විසුරුවා හැරීමේ තීරණයක්

මඟ නැඟුම යටතේ ඇති සියලුම සමාගම් 4ක් විසුරුවා හැරීමට තීරණය කර ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

 

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ අද පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ඔහු ප්‍රකාශ කළේ එම ආයතන පවත්වාගෙන යෑමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නොමැති වීම හේතුවෙන් එම තීරණය ගත් බවයි.

එම ආයතනවලට වැඩ කිරීමට මුදල් ප්‍රතිපාදන නොමැති නිසා ඒවාට කිරීමට වැඩක් නැති බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ යටතේ එම සමාගම් විසුරුවා හරින බව වැඩිදුරටත් පැවසීය.