වසර හතරක පමණ කාලයක් විවිධ සමාජීය හේතුන් මත වෙසක් උත්සවය උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට නොහැකි වූ බවත් එනිසා වෙසක් මහෝත්සවය පිළිබඳ මතකය බාලපරපුරෙන් ගිලිහී ගිය බවත් මෙවර ජාතික වෙසක් මහෝත්සවය උත්කර්ෂවත් ලෙස පැවැත්වීමෙන් බාලපරම්පරාවේ විශාල මානසික පෙරළියක් ඇතිකිරීමට හේතු වන බව, අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා හලාවත කැබැල්ලෑවල රතනසිරි පිරිවෙන් විහාරස්ථානයේ පැවති ජාතික වෙසක් මහෝත්සවය අමතමින් පැවසීය.
විශේෂයෙන් ම කුඩා කළ සිට දරුවන් ආගම දහමට නැඹුරු කිරිම තුළින් ප්රතිපත්ති පූජාමය ආදර්ශයක් ජනජීවිතයට එක්කරනවා. එය අර්ථවත් කිරීම මෙවර ජාතික වෙසක් මහෝත්සවයට හැකි වී තිබෙනවා. එබැවින් බුදුන්වහන්සේ ගේ බෞද්ධ දර්ශනය අනුගමනයට හා අවබෝධයට ශක්තියක් වනු ඇතැයි තමා අපේක්ෂා කරන බව අග්රාමාත්යවරයා මෙහිදි වැඩිදුරටත් පැවසීය.
ශ්රී බු. වර්ෂ 2567 වන රාජ්ය වෙසක් මහෝත්සවය සිහිගන්වමින් සමරු මුද්දර ප්රකාශයට පත්කිරීම ද මෙහිදී සිදු කළේය.