මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ කළමනාකරණය කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබුණු බව කැබිනට් ප්‍රකාශක ආචාර්ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද පැවැති කැබිනට් මාධ්‍ය සාකච්ඡාවේදී පැවසීය.
මේ සම්බන්ධයෙන් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කර තිබිණි.