Tuesday, August 26, 2025
Follow Us
විදුලි ජනන සැලැස්ම විදුලිබල ඇමැති භාර දෙයි

2027 සිට 2030 දක්වා ප්‍රධාන ජනන සැලසුමට පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති එකතු කිරීම වෙනුවෙන් වන සැලසුම පසුගිය සතියේ විදුලිබල මණ්ඩලය විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා වෙත පිළිගන්වනු ලැබුණි.

පසුගිය වසරේ පුනර්ජනනීය බලශක්තිය ලෙස මෙගා වොට් 211ක් පද්ධතියට එකතු කර ඇති අතර එයින් මෙගා වොට් 146ක් වහළය මත සවි කරන ලද පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති මගින් වේ.

2027-2030 කාලය තුල අමතර මෙගා වොට් 3075ක් පුනර්ජනනීය බලශක්තියෙන් ලබා ගැනීමට සහ මෙගා වොට් 1525ක් බැටරි ගබඩා කිරීම මගින් ලබා ගැනීමට අපේක්ෂිතය.