අරමුදල් සපයාගැනීමේ අපහසුතාව හේතුවෙන් අතරමඟ නවතා දමා ඇති පහළ මල්වතුඔය ව්‍යාපෘතිය කඩිනමින් යළි ආරම්භ කිරීම පිළිබඳ සොයා බලන ලෙස ඊයේ (09) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
යාන්ඔය වේල්ල ඉදිකර ඇති Sinomach China CAMC ඉංජිනේරු සංස්ථාව විසින් ඉදිරිපත් කර ඇති ව්‍යාපෘති යෝජනාවක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා මෙලෙස උපදෙස් දෙනු ලැබීය.
පහළ මල්වතු ඔය ව්‍යාපෘති ගිවිසුම සහ යාන් ඔය ව්‍යාපෘති ගිවිසුම සමඟ සම්බන්ධ කිරීමේ හැකියාව පරීක්ෂා කරන ලෙස අග්‍රාමාත්‍යවරයා නිලධාරීන්ගෙන් ඉල්ලා සිටි අතර ජලයේ පාවෙන සූර්ය පැනල යාන් ඔය මත සවිකිරීමෙන් මහා පරිමාණයෙන් සූර්ය බලශක්තිය උත්පාදනය කිරීමේ හැකියාව පවතින බව පෙන්වා දුන්නේය. එවැනි ව්‍යාපෘතියක් මගින් ජාතික විදුලිබල පද්ධතියට විදුලිය උත්පාදනය කළ හැකි අතර පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය නිම කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ද ඉන් උපයා ගත හැකිය.
Sinomach හි ප්‍රධාන නියෝජිත ඇලෙක්ස් ගුඕ පැවසුවේ ඇමරිකානු ඩොලර් මිලියන 160 ක් වැයවන ව්‍යාපෘතිය සඳහා චීන බැංකුවලින් අරමුදල් රැස් කිරගැනීමේ කටයුත්ත China CAMC සමාගමට භාර ගත හැකි බවයි. පළමු අදියරේදී යාන්ඔය ජලාශය මත පාවෙන සූර්ය පැනල තැබීමෙන් ජනනය කළ හැකි විදුලිය ජාතික විදුලිබල පද්ධතියට අලෙවි කළ හැකි වේ.
පහළ මල්වතු ඔය ව්‍යාපෘතියට අවශ්‍ය ණය මුදලින් සැලකිය යුතු කොටසක් යාන් ඔය මත ඉදිකිරීම යෝජිත සූර්ය බලාගාරයෙන් ලැබෙන ආදායමෙන් සපුරා ගත හැකි බව ඇලෙක්ස් ගුඕ මහතා පැවසීය.
පහළ මල්වතු ඔය ව්‍යාපෘතියේ පළමු සමීක්ෂණය සහ ශක්‍යතා අධ්‍යයනය සිදු කළේ මීට දශකයකට පමණ පෙර තමා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයාව සිටියදී බව මෙම අවස්ථාවට සහභාගී වූ හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පැවසීය. මේ වනතෙක් එහි කිසිදු ප්‍රගතියක් දක්නට නොමැති බවට ඔහු සිය කණගාටුව පළ කළේය.