කටාන ජාතික පොලිස් විද්යාපීඨය සඳහා වන නව නේවාසිකාගාර ගොඩනැගිල්ලේ ඉතිරි වැඩ සඳහා සුදුසු කොන්ත්රාත්කරුවකු තෝරා ගැනීම පිණිස අදාළ ව්යාපෘතියේ ප්රසම්පාදන අස්ථිත්වය ලෙස කටයුතු කරන ගොඩනැගිලි දෙපාර්තමේන්තුව විසින් ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ක්රියාවලිය යටතේ ලංසු කැඳවා තිබේ.
ඒ සඳහා ලංසුකරුවන් 10 දෙනෙකු විසින් ලංසු ඉදිරිපත් කර ඇත. ඉහළ මට්ටමේ ප්රසම්පාදන කමිටුව විසින් ලබා දී ඇති නිර්දේශ මත පදනම්ව, සාරානුකූල ලෙස ප්රතිචාර දක්වන ලද අවම ලංසුකරු වන සෙන්ට්රල් ඉංජිනියරින් සර්විසස් (පුද්ගලික) සමාගම වෙත ජාතික පොලිස් විද්යාපීඨය සඳහා වන නව නේවාසිකාගාර ගොඩනැගිල්ලේ ඉතිරි වැඩ නිම කිරීමේ කොන්ත්රාත්තුව රුපියල් මිලියන 614.98ක (එකතු කළ අගය මත බදු රහිත) මුදලකට පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.