Tuesday, August 18, 2026
Follow Us
මහවැලි ‘සී’ කලාපයෙන් වාර්තාගත කීරි සම්බා අස්වැන්නක්
 
මෙවර යල කන්නයේදී මහවැලි ‘සී’ කලාපයේ වී ගොවීන් විසින් වාර්තාගත කීරි සම්බා වී අස්වැන්නක් නෙළා ගැනීමට සමත්ව ඇති බව සිදුකරන ලද විශේෂ සමීක්ෂණයකින් හෙළි වී ඇති බව කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා සඳහන් කරයි.
 
පොළොන්නරුව දිස්ත්රික්කයේ මේ වනවිට වී අස්වනු නෙළීමේ කටයුතු ආරම්භ කර ඇති අතර, “පුනරුදයට අරුණලු” ජාතික වැඩසටහනට සමගාමීව අඩු වියදමකින් අස්වනු ඉහළ නැංවීමේ අරමුණින් “යාය 500” වැඩසටහන ක්රියාත්මක කර ඇත. ශ්රී ලංකා මහවැලි අධිකාරිය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සෘජු මැදිහත්වීම මත ක්රියාත්මක වූ මෙම ව්යාපෘතිය සඳහා ප්රදේශයේ වී ගොවීන් 250 දෙනෙකු තෝරාගෙන තිබේ.
 
සමීක්ෂණ දත්තයන්ට අනුව, මෙම ව්යාපෘතිය යටතේ එක් ගොවියෙකුට දළ වශයෙන් හෙක්ටයාරයකට වී කිලෝග්රෑම් 11,350 ක වැනි ඉතා ඉහළ වී අස්වැන්නක් නෙළා ගැනීමට හැකිවීම කැපී පෙනෙන සංවර්ධනයක් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
 
මෙම සාර්ථකත්වය උදෙසා ශ්රී ලංකා මහවැලි අධිකාරිය මගින් ගොවීන් දිරිමත් කිරීම වෙනුවෙන් රුපියල් 50,000 ක මුදලක් දිරි දීමනාවක් ලෙස ලබා දී ඇති අතර, ප්රධාන තාක්ෂණික කරුණු 10 ක් ඔස්සේ ගොවීන් දැනුවත් කරමින් ඉහළ අස්වැන්නක් ලබාගැනීමට අවශ්ය මගපෙන්වීම් ලබාදුන් බව අමාත්‍යවරයා සඳහන් කරයිත
 
මෙවර යල කන්නය ආරම්භයේදීම ශ්රී ලංකා මහවැලි අධිකාරියේ ක්ෂේත්ර නිලධාරීන්ගේ උපදෙස් හා මගපෙන්වීම් මත ගොවි ජනතාව අනුගමනය කළ පහත සඳහන් කෘෂිකාර්මික තාක්ෂණික ක්රමවේද මෙවැනි වාර්තාගත අස්වැන්නක් ලබාගැනීමට ප්රධාන ලෙස හේතු වූ බව වී ගොවීන් සඳහන් කරයි,