Monday, August 17, 2026
Follow Us
අගෝස්තු ‘අස්වැසුම’ දීමනාව අනිද්දා බැංකු ගිණුම්වලට

අගෝස්තු මාසයට අදාළ අස්වැසුම සුබසාධක දීමනාව අනිද්දා (19) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

ඒ අනුව, අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ ප්‍රතිලාභ ලබන පවුල් 999,502ක් සඳහා රුපියල් බිලියන 9.24කට අධික මුදලක් බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතය.

එමෙන්ම දෙවන අදියර යටතේ ප්‍රතිලාභ ලබන පවුල් 212,955ක් සඳහා රුපියල් බිලියන 2.32කට ආසන්න මුදලක් ගෙවීමට සැලසුම් කර තිබේ.

මේ බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිකුත් කළ නිවේදනයක සඳහන් කර ඇති අතර, අදාළ ප්‍රතිලාභ මුදල් නියමිත දිනයේදී ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.