ක්‍රිකට් ආයතනය පාලනය කරන පුද්ගලයන් දැන් වසර ගණනාවක් තිස්සේ එම තනතුරුවලට කටයුතු කරන බවත්, ඉදිරියේදී පැවැත්වෙන නිළවරණයෙන්ද ඔවුන් නැවතත් පත්වනු ඇති බවත් හිටපු ක්‍රිකට් නායක අර්ජුණ රණතුංග මහතා පවසනවා. ඔවුන්ගේ පරිපාලනය යටතේ වසර ගණනාවක් තිස්සේ කඩා වැටුණු ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියේදී යළි නිවැරදි මාවතට වැටෙනු ඇතැයි කිසි ලෙසකින්වත් බලාපොරොත්තු විය නොහැකි බවද රණතුංග මහතා පවසනවා.
DNA tests have confirmed the identity of the charred human remains discovered inside a car in Kohuwala on March 10.
මොරවක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් සිදුකළ අහඹු පි.සී.ආර් පරීක්ෂණවලදී කොවිඩ් 19 වෛරසය ආසාදිතයින් 51 දෙනෙකු ඊයේ (13) දිනයේ හඳුනාගෙන ඇති බව වාර්තා වේ.
ඊයේ (15) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන වහන්සේ පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ අවසන් වාර්තාව අසම්පූර්ණ වාර්තාවක් බව පවසා සිටියහ.
The Court of Appeal today postponed further hearing of the petition on changing Sri Lanka Cricket (SLC) constitution till June 08 and ordered the respondents to file objections on the same day.
අන් කවරදාටත් වඩා ලොව පුරා නිවුන් දරුවන් බිහි වීමේ ප්‍රවණතාව ඉහල ගොස් ඇතැයි නවතම අධ්‍යයනයකින් හෙලි වී තිබෙනවා. එමගින් අනාවරණය කර ඇත්තේ මේ වන විට ලෝකය උපරිම නිවුන් දරුවන් කරා පැමිණ ඇති බවයි. ලොව පුරා සෑම වසරකම නිවුන් දරුවන් මිලියන 1.6 ක් පමණ උපත ලබනවා. සෑම දරුවන් 42 දෙනෙකුගෙන් එක් අයෙකු නිවුන් දරුවන් ලෙස උපත ලබන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. ඉන් බහුතරය, එනම් සියයට 80ක්ම වාර්තා වන්නේ අප්‍රිකාව සහ ආසියාවෙන් වනවා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය සමන්ත ආනන්ද මහතා ඊයේ(16) පැවති මාධ්‍යය සාකච්ඡාවකදී පවසා සිටියේ කොවිඩ් වෛරසය පැතිර යෑම පාලනය සඳහා අප්‍රේල් මාසයේදී සංචරණ සීමා පැනවීම සුදුසු බවයි.
වහාබ්වාදය සහ මුස්ලිම් අන්තවාදය දරුවන්ට උගන්වන මද්‍රසා පාසල් පිළිබඳව මේ වනවිට පුළුල් විමර්ශනයක් සිදුකර එවැනි පාසල් 2000 ක් රට පුරා ස්ථාපිත කර තිබෙන බවට හඳුනාගෙන ඇති බවත් එම මද්‍රසා පාසල් 2000 තහනම් කිරීමට අවශ්‍ය ක‍්‍රියා මාර්ග ගෙන ඇති බවත් මහජන ආරක්‍ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා ප‍්‍රකාශ කර ඇත.
පාස්කු ප්‍රහාරයට කඩිනමින් සාධාරණයක් ඉල්ලා අද දිනයේද කළු ඉරිදා විරෝධතාවය යටතේ සියලු දේවස්ථානවල දේව මෙහෙයන් සිදු කරන බව අගරදගුරු පදවිය පවසනවා. නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලයේ සභාපති වින්ස්ටන් ප්‍රනාන්දු රදගුරු හිමිපාණන් පැවසුවේ පාස්කු ප්‍රහාරයට සාධාරණයක් ඉටු කිරීමට ඕනෑ තරම් කාලයක් තිබූ බවයි.
කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් තවත් පුද්ගල මරණ 5ක් සිදුවූ බවට සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.
නායක තිලකරත්න ඩිල්ෂාන්ගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම අභිබවා රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ කෙවින් පීටර්සන් ප්‍රමුඛ එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම කඩුලූ 6කින් පරාජය කරමින්. ඒ අනුව
දකුණු අප්‍රිකාවේ ව්‍යාප්ත වන කොවිඩ් - 19 වෛරස් ප්‍රභේදය මේ වන විට ශ්‍රී ලංකාවේ හදුනාගෙන ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පමණක් බව ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කරන විශේෂඥයින් පවසනවා.
කොළඹ නගර සීමාවේ වයස අවුරුදු 60ට වැඩි ජ්‍යේෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් කොවිඩ් එන්නත ලබාගැනීමට පහසු වේලාවක් ස්වයංක්‍රීයව වෙන්කර ගැනීමට පහසුකම් ඇතැයි කොළඹ මහ නගර සභාව සදහන් කරයි.
මෙරට පුද්ගලයින් 773,011 දෙනෙකුට මේවනවිට කොරෝනා මර්දන එන්නත ලබාදී ඇතැයි වංසගත රෝග විද්‍යා අංශය පවසනවා. ඊයේ දිනයේදී පමණක් මෙරට පුද්ගලයින් 2,603 දෙනකුට කොරෝනා මර්දන එන්නත ලබාදී ඇති බවයි වංසගත රෝග විද්‍යා අංශය වැඩිදුරටත් සඳහන් කළේ.
සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තද වැසි ද ඇති විය හැකි බවයි.
නඩත්තු කටයුත්තක් සඳහා ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය සඳහන් කර තිබේ.
කොවිඩ් 19 වෛරසය පැතිරීමත් සමග මෙතෙක් අනුගමනය කෙරුණු සෞඛ්‍ය මාර්ගෝපදේශ අද සිට සංශෝධනය කිරීමට නියමිතයි. ඒ අනුව මෙතෙක් ක්‍රියාත්මක මාර්ගෝපදේශ මෙහිදී ලිහිල් වනු ඇති බවටයි පැවසෙන්නේ. මෙම නව මාර්ගෝපදේශ නිකුත් කෙරෙන්නේ මෙරටට පැමිණෙන පුද්ගලයින් සඳහායි. ඒ අනුව විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට සහ මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා මෙම මාර්ගෝපදේශ විශේෂයෙන් බලපැවැත්වෙනු ඇති.
Sri Lanka's government owned gas company and the private one are facing a severe financial crisis as the government has not taken steps to increase local gas prices despite the rising prices of gas at the international market.
Page 440 of 732