Sunday, July 13, 2025
Follow Us
උපන්දින සාදයට සහභාගී වූ 07කට ඇප

පසුගිය 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ කොළඹ තරු පහේ හෝටලයක සාදයකට සහභාගී වී සිටීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (04) පෙරවරුවේ අත්අඩංගුවට ගත පුද්ගලයින් 7 දෙනාට අධිකරණය මගින් ඇප නියම කර ඇත.

මේ අනුව අදාළ පුද්ගලයින් සම්බන්ධයෙන් නිරෝධායන රීති යටතේ ඉදිරි කටයුතු සිදුකරන බව පොලීසිය සඳහන් කරයි.

මින් පෙර එම උපන්දින සාදය සංවිධානය කළ බවට චෝදනා එල්ල වූ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි මීට පෙර අත්අඩංගුවට ගත් අතර පසුව ඇප නියම විය.

(Aruna)