Saturday, July 12, 2025
Follow Us
සංචරණ සීමා කාලයේදී අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වා ගන්න

සංචරණ සීමා පනවා ඇති මෙම අවස්ථාවේදී අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වා ගන්නා ලෙසට ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍යය කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

එහි අධ්‍යක්ෂිකා, විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා ‘අරුණට’ පැවසුවේ මීට අදාළ වැඩිදුර තොරතුරු ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාංශයෙන් සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගෙන් ලබා ගත හැකි බවයි.

විශේෂයෙන්ම එවැනි තත්වයක් ඇතිවුවොත් රටේ මේ වන විට පවතින තත්ත්වය හමුවේ එය විශාල ගැටලුවක් විය හැකි බව ඇය පවසා සිටියාය.

මේ වන විට සෞඛ්‍ය අංශ සිටින්නේ කොරෝනා වසංගත තත්ත්වය සමග දැඩි සටනක බැවින් වෙනත් පැතිවලට අවධානය යොමු කිරීමට කාලයක් ඔවුන්ට නොමැති බව විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා පවසා සිටියාය.

විශේෂඥ වෛද්‍යවරිය වැඩිදුරටත් අවධාරණය කර සිටියේ එම නිසා අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වා ගනිමින් සෞඛ්‍යාරක්ෂිතව සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවය.

(Aruna)