Thursday, February 05, 2026
Follow Us
පස් කන්දක් නිවසක් මතට කඩාවැටී 04ක් අතුරුදන්

මාවනැල්ල දෙවනගල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩාවැටීම නිසාවෙන් පුද්ගලයින් 04 දෙනෙකු අතුරුදන්ව තිබේ.

එම අතුරුදන්ව ඇති පුද්ගලයන් සෙවීම සඳහා යුද හමුදා නිලධාරීන් යොමුකර ඇති බව වාර්තා වී ඇත.

මේ අත්තර අද (05) අලුයම වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩාවැටී එහි සිටි පුද්ගලයෙකු මියගොස් ඇති බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්.වීරසූරිය මහතා සඳහන් කර තිබේ.

ඒ වනවිට පැවති අවදානම් සහගත තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ (04) දිනයේ දී අදාළ පුද්ගලයා දැනුම්වත් කර තිබුණ බවත් කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා පෙන්වා දෙයි.

(Aruna)