හදිසි අවස්ථාවක දී පැමිණිලි කිරීම සඳහා සහ දුම්රිය සම්බන්ධ අනෙකුත් තොරතුරු ලබාගැනීම සඳහා කෙටි දුරකථන අංකයක් දුම්රිය දෙපාර්තමේන්තුව හඳුන්වා දී තිබෙනවා.
ආහාරවල සහ දියරවල ඇති ඇෆලටොක්සීන් පිළිකාකාරක රත් කිරීමෙන් ඉවත් කළ නොහැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආහාර හා විද්‍යා තාක්ෂණ දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ටෙරන්ස් මධුජිත් පවසයි. එම පිළිකාකාරකය තරමකින් හෝ අඩු කිරීමට හැකිවන්නේ පාරජම්බුල කිරණින් හෝ කෝස්ටික් සෝඩා වැනි ද්‍රව්‍යයකින් පමණක් බවද ඔහු සඳහන් කළේය. එසේම කරවිල ඇට සහ දෙළුම් ආහාරයට ගැනීමෙන් මෙම ඇෆලටොක්සීන් පිළිකාකාරකය මර්දනය කිරීමේ හැකියාවක් ඇති බවද මහාචාර්යවරයා වැඩිදුටරත් පැවසීය.
සිංහල හා හින්දු අළුත් අවුරුදු සමයේ සෞඛ්‍ය නීතිරීතිවලට පටහැනිව ක්‍රියා කරන පුද්ගලයන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස්පතිවරයා විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇත.
The Ceylon Petroleum Private Bowser Owners Association (CPPBOA) today warned that there would be a fuel distribution shortage in the country after the Sinhala and Tamil New Year.
2021 පළමු තෙමසක කාලය තුළ අලුතින් ලියාපදිංචි කර ඇති වාහන සංඛ්‍යාව දසදහස් හයසිය හැට එකක් බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් පැවැසීය. ජනවාරි මාසයේදී වාහන 3350ක්, පෙබරවාරි මාසයේ වාහන 3661ක් සහ මාර්තු මාසයේදී 3650ක් වශයෙන් නව වාහන ලියාපදිංචි කර ඇත. මෙම කාලය තුළ වැඩියෙන්ම ලියාපදිංචිකර ඇත්තේ යතුරුපැදි වන අතර එය 3525කි. එමෙන්ම ඉඩම් වාහන (ට්‍රැක්ටර්) 1756ක් මෝටර් රථ 1309ක්, ද්විත්ව කාර්ය වාහන 1534ක්, ත්‍රිරෝද රථ 42ක් ද ලියාපදිංචි වාහන අතර වේ.
දියවන්නාවේ ජලය අපවිත්‍ර වීම සම්බන්ධයෙන් තමන්ට වහාම පරිසර වාර්තාවක් ලබා දෙන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර, මධ්‍යම පරිසර අධිකාරියට දැනුම් දි තිබෙනවා. ඒ, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කරමින්. පාර්ලිමේන්තුව අවට පිහිටි දියවන්නාවේ මෙන්ම බත්තරමුල්ල පාළම් තුන අවට පිහිටි තෙත්බිමේ ද ජලය මෙලෙස අවපැහැගැන්වී තිබුණා.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
2017 හා 2018 වර්ෂවලදී විවිධ අක්‍රමිකතා හේතුවෙන් රිදියාගම සත්ව ගොවිපොළ රුපියල් කෝටි 17කට වැඩි පාඩුවක් ලබා තිබෙන බව පොදු ව්‍යාපාර පිළබඳ කාරක සභාවේදී තොරතුරු අණාවරණය කර ගෙන තිබේ.
උත්සව සමයේ මුව ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසිලෙස පිළිපදින ලෙස යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
ස්මාර්ට් ජංගම දුරකථන අධිකව භාවිත කිරීම හේතුවෙන් විවිධ රෝග ඇතිවීමේ අවදානමක් පවතින බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ජීවන රටා හා මනෝවිද්‍යා උපදේශක වෛද්‍ය ලසන්ත විජේසේකර මහතා පවසයි.
The Police have launched surveillance operations at public places where New Year events are scheduled to be held.
කොවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ සියලු සිනමා ශාලා නැවත දැනුම් දෙනතුරු වසාදමා තිබේ.
මෙවර අලුත් අවුරුද්දේදී අවුරුදු උත්සව පැවැත්විය යුතුමදැයි දැඩි ලෙස කල්පනාකාරීව සිදු කළ යුතු බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් යුද්ධ හමුදාපතිවරයා පැවසුවේ සංවිධායකයින් මෙන්ම අවුරුදු උත්සවයට පැමිණෙන්නන්ද එහි අවධානම සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයකින් යුතුව සම්බන්ධ විය යුතු බවයි.
Public health inspectors are expecting the coronavirus third wave to hit Sri Lanka in May after the general public grossly disregarded the health guidelines ahead of the Sinhala and Tamil New Year.
කොවිඩ් – 19 වෛරසය ආසාදනයවීමෙන් සිදුවූ මරණ දෙකක් ඊයේ (11) දිනයේදී ද වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
ඊයේ (10) දිනයේ රන් මාල කොල්ලකෑම් 05ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
කුකුළු මස් කිලෝවක් රුපියල් 600ක උපරිම සිල්ලර මිලකට අලෙවි කිරීමට කුකුළු මස් අලෙවිකරුවන් සමග අද (10) පැවති සාකච්ඡාවකදී තීරණය කර තිබේ.
Page 428 of 732