Friday, February 06, 2026
Follow Us
පාන් මිල ඉහළට

එළඹෙන සතියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 10කින් ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.


එම සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසුවේ තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 18 කින් වැඩි කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

ඉන්ධන මිල වැඩිකිරීම නිසා මීට පෙර පාන් හැර සෙසු බේකරි නිෂ්පාදන මිල රුපියල් 5ත් රුපියල් 10ත් අතර මිලකින් ඉහළ දැමීමට සිදුවූ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

(Aruna)