Friday, February 06, 2026
Follow Us
දරුවන් දියවැඩියාවට ගොදුරුවීමේ ප්‍රවණතාවක්

දියවැඩියාවට ගොදුරු වූ දරුවන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යමින් පවතින අතර ඉන් වැඩිම පිරිස ඉන්සියුලින් ලබා දිය යුතු අය වීම විශේෂයක් යැයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.

පසුගිය වසර තුළදී පමණක් දියවැඩියාවට ගොදුරු වූ දරුවන් 120 දෙනෙකු පමණ රිජ්‌වේ ආර්යා ළමා රෝහල වෙත ප්‍රතිකාර සඳහා යොමුව ඇති බවත් මෙයින් බහුතරයක් මුල්වරට දියවැඩියාවට ගොදුරු වූ අය බවද වෛද්‍ය දීපාල් සඳහන් කරයි.

පාසල් යාමට නොහැකි වීම හේතුවෙන් නිවස තුළ සිරවී සිටින දරුවන්ට ක්‍රියාශීලි බවක් නොමැති වීම, ක්ෂණික ආහාරයන්ට වැඩි වශයෙන් යොමු වීම දියවැඩියාව දරුවන් අතර සීග්‍රයෙන් ව්‍යාප්ත වීමට ප්‍රධාන හේතුවක් වී ඇතැයි ඔහු පෙන්වා දේ.

දුරස්ථ අධ්‍යාපන ක්‍රමය හේතුවෙන් දවසේ වැඩි වේලාවක් දරුවන්ට එක තැන සිට කටයුතු කිරීමට සිදුවීම, මානසික ආතතිය වැඩිවීම ද දියවැඩියාව ඉහළ යාමට හේතුවක් විය හැකි බව විශේෂඥවරයා පෙන්වා දේ.

(Aruna)