In the wake of a couple of incidents where those who were engaged in recent protests were directed for quarantine, following orders given by the Director-general of Health Services to ban all public gatherings and protests, the Public Health Inspectors Union said they had not been informed to send any individual engaged in protests for quarantine.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිර්දේශ කර ඇති කාණ්ඩ 03 ට අයත් නොවන කිසිදු පුද්ගලයෙකු නිරෝධායනයට යොමු කිරීම සඳහා පොලීසියට හෝ වෙනත් කිසිදු ආයතනයකට උපදෙස් ලබාදීමෙන් වැළකී සිටින්නැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සිය සාමාජිකයන් වෙත දැනුම් දී තිබෙනවා. පසුගිය දිනවලදී උද්ඝෝෂණවල නිරත වූ පුද්ගලයන් පිරිසක් නිරෝධානයට යොමු කිරීමේ සිදුවීම් හා ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ඇති වූ තත්වය සලකා බලා මෙම පියවර ගත් බවයි එම සංගමයේ සභාපති, උපුල් රෝහණ මහතා පවසන්නේ.
කතාබහට ලක්ව ඇති කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාල පනත සම්බන්ධයෙන් අධ්‍යයනය සිදුකර වාර්තාවක් සැකසීම සදහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා. ඒ එම සංගමයේ උප සභාපති විශේෂඥ වෛද්‍ය චමින්ද එපිටකඩුවගේ ප්‍රධානත්වයෙන්. එම වාර්තාව සතියක් තුළ සකස් කර අවසන් කිරීමට නියමිත බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය රුවන් ජයසූරිය සදහන් කළේ.
රසායනික පොහොර ආනයනය තහනම් කර තිබියදී ඉන්දුනීසියාවේ සිට මෙරටට ආනයනය කරන ලද යූරියා පොහොර තොගයක් සම්බන්ධව රේගු ආදායම් අධීක්ෂණ අංශය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ තවත් පුද්ගලයින් එක් ලකෂ 73,988 දෙනෙකුට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ දිනයේදී ලබා දී තිබෙනවා.
තවත් කොරෝනා ආසාදිතයන් 1,568 දෙනෙකු ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වුණා. ඒ අතරින් 225 දෙනෙකු කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නෙත් නිවුස් වෙත කියා සිටියේ.
දිවයින පුරා සිටින සියලුම පෙර පාසල් ගුරුවරුන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.
ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත තවත් පුද්ගලයන් දෙදෙනකු මෙරටින් හඳුනාගෙන ඇත. ඉන් එක් පුද්ගලයකු දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ කිරිඳිවැල හිත්ඇල්ල තිිවානකන්දෙහි පදිංචි නාවික හමුදා නිලධාරියෙකි.
පාස්කු ප්‍රහාරයට අදාල විමර්ශන නොසැලකිලිමත් මෙන්ම කිහිප දෙනෙකු උසාවියට ගෙන ඒම තුලින් විමර්ශන අවසන් බව පැවසීමට ඉඩ නොදෙන බවත් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසයි.
15 හැවිරිදි දැරියක් ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට තමන්ගේ කිසිදු අදාළත්වයක් නොමැති බවත් එවැනි අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ගෙනගිය පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් අත්තරගම පඤ්ඤාලෝක හිමි හෙවන් කොටුවේ පොඩි හාමුදුරුවන් පවසයි.
ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් ආදායම් අහිමි වූ මෙරට ධීවර ජනතාව සදහා වන්දි මුදල් ලබා දීම අද ආරම්භ කෙරුණා. ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ නෞකාවේ රක්‍ෂණ සමාගම ගෙවීමට එකඟතාව පළ කළ අතුරු වන්දි මුදලෙන් රුපියල් මිලියන 420 කට ආසන්න මුදලක් එම ධීවර ජනතාව වෙත ලබාදෙන බවයි.
The Colombo High Court today ordered to temporarily lift the travel ban imposed against State Minister Nalaka Godahewa, until August 31.
පොලිසිය භාර අමාත්‍ය සරත් වීරසේකර මහතා පියුමි හංසමාලිලාට එක් ආකාරයකටත් උද්ඝෝෂණවල නියැළෙන සාමාන්‍ය කාන්තාවන්ට වෙනස් ආකාරයකටත් සලකන බව පසුගිය ජුලි 8 වනදා පාර්ලිමේන්තු වටරවුම අසල උද්ඝෝෂණයේදී පොලිසිය විසින් අතපය හතරෙන් ඔසවාගෙන ගොස් බස් රථයකට දැමූ වියපත් මාතාව වන ඇසිලින් ද සිල්වා මහත්මිය පවසයි.
නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කරමින් සංචරණ සීමා ලිහිල් කිරීම සිදු කළේ කොවිඩ් ආසාදිතයන් වාර්තාවීමේ අඩුවක් නොවන නිසා බවත්, ජනතාව ඒ පිළිබඳව ප්‍රවේශමෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් අරුණට පැවසීය.
The Development officers and trainees have decided to refrain from work from tomorrow (14) demanding release of all illegally detained trade union leaders, the Joint Development Officers' Association (JDOA) Secretary Dhammika Munasinghe said.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තාවකාලික පිතිකරණ පුහුණුකරුවෙකු පත් කර තිබෙනවා. ඒ, ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන තරගාවලිය ඉලක්ක කර ගනිමින්. ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය පිතිකරණ පුහුණුකරු වන ග්‍රාන්ට් ෆ්ලවර්ට කොරෝනා වෛරසය ආසාදනයවීම හේතුවෙන් එම තනතුරට ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන ධම්මික සුදර්ශන පත් කිරීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත්තේ.
බූස්ස බන්ධනාගාරයේ තවත් රැදවියන් 33 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
Page 395 of 744