Saturday, March 28, 2026
Follow Us
වෛද්‍ය ජයරුවන් බණ්ඩාර CIDයෙන් කල් ඉල්ලයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර දින 14 ක් කල් ඉල්ලා තිබෙනවා. ඒ, ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලිපියක් යොමු කරමින්.

ඉකුත් දා සහභාගී වූ වැඩසටහනකදී සිදුකළ ප්‍රකාශයකට අදාළව කරුණු විමසීම සඳහායි වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර දැනුම් දී තිබුණේ.

(Neth)