Monday, May 06, 2024
Follow Us
ෆයිසර් ප්‍රතිශක්තිය මෙන් දෙගුණයක් වැඩි එන්නතක්

බෙල්ජියමේ කළ අධ්‍යනයකින් හෙළිවූ දේ


කොවිඩ් වෛරසය පාලනය කිරීම සඳහා එන්නත් කෙරෙන මොඩර්නා එන්නතේ එක් මාත්‍රාවක් මඟින් ඇතිකරන ප්‍රතිදේහ ෆයිසර් එන්නත් මාත්‍රාවකින් ඇතිකරන ප්‍රතිදේහ මෙන් දෙගුණයකටත් වඩා වැඩි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

මෙම එන්නත් දෙක පිළිබඳ බෙල්ජියමේ සිදු කළ අධ්‍යයනයකින් මෙය තහවුරු වූ බව ඔහු පවසයි.

එමෙන්ම බයෝ එන්ටෙක් එස් ඊ පර්යේෂණ වලදී එන්නත් දෙක මඟින් ඇති කරන ලද ප්‍රතිශක්ති ප්‍රතිචාර සංසන්දනය කරන ලදී. ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයේ වැදගත් අංගයක් ලෙස සැලකෙන මෙම එන්නත් දෙක මඟින් නිපදවන ප්‍රතිදේහ මට්ටම් සංසන්දනය කළ ප්‍රථම අධ්‍යයනය මෙය වේ.

ප්‍රතිදේහ වෙනස්කම් නිසා එන්නත් දෙක අතර කාලයත් සමග කාර්යක්ෂමතාවයේ වෙනසක් ඇති වූවාද යන්න පරීක්‍ෂා නොකළ අතර ඒවා දෙකම අවසාන අදියරේ සායනික අත්හදා බැලීම් වලදී 90% කට වඩා සාර්ථක වී තිබේ.

පර්යේෂණය මඟින් බෙල්ජියමේ ප්‍රධාන රෝහල් පද්ධතියක සේවකයින් 1,600 ක පමණ කොරෝනා වෛරස් ස්පයික් ප්‍රෝටීන වලට එරෙහි ප්‍රතිදේහ මට්ටම පරීක්‍ෂා කර ඇති අතර එන්නත් කිරීමෙන් සති 6-10 කට පසු රුධිර සාම්පල විශ්ලේෂණය කරන තිබේ.

මෝඩර්නා එන්නත මාත්‍රා දෙකක් ලබා ගත් අය අතර මට්ටම මිලිලීටරයකට ඒකක 2,881 ක් වූ අතර ෆයිසර් මාත්‍රා දෙකක් ලබා ගත් අය අතර මිලිලීටරයකට ඒකක 1,108 ක් විය.

 

(Aruna)