Monday, May 06, 2024
Follow Us
සැප්තැම්බර් මාසය අග වනවිට මෙරට සැලකිය යුතු මට්ටමකින් කොවිඩ්19 වෛරසය ආසාදිතයින් අඩුවනවා- ආචාර්ය චන්දිම ජීවන්දර

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා දෙරණ නාලිකාව සමඟ පැවති සාකච්ඡාවක දී පවසා සිටියේ සැප්තැම්බර් මාසය අග වනවිට මෙරට සැලකිය යුතු මට්ටමකින් කොවිඩ්19 වෛරසය ආසාදිතයින් අඩුවනු ඇති බවයි.

කෙසේ වුවද ආසාදිතයන් අඩුවී මරණ අඩු වීමට එතැන් සිට තවත් සති දෙකක් ගතවනු ඇති බවත් පැවසූ ඔහු මෙය තමන්ගේ පුද්ගලික අදහස බවද අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් “ඔක්තෝබර් මස මැද පමණ වෙද්දී මෙරට නව ප්‍රභේද වාර්තා නොවුණහොත් රෝගීන් වාර්තා වීම අඩු වෙන්න පුළුවන්.එම කාලය වන විට මෙරට බහුතර ජනගහනයක් එන්නත් කරනය හරහා නිවැරදි ප්‍රතිශක්තිකරණයක් ලබා ගෙන සිටීවි.” යනුවෙන් පවසා සිටියේය.

(Lanka Leads)